වාහනයේ mechanical faults, insurance එකෙන් cover වෙනවද? දැනගන්න දැන්ම කියවන්න!

ඔබේ වාහනයට යම් යාන්ත්‍රික දෝෂයක් ඇති වූ විට, Car insurance එකෙන් ඒ සඳහා වියදම් ලබාගන්න පුලුවන්ද කියන එක අපි අද බලමු.

බොහෝ අවස්ථාවලදී, වාහන රක්ෂණයක් මඟින් සාමාන්‍ය යාන්ත්‍රික දෝෂ හෝ අලුත්වැඩියාවන් ආවරණය කරන්නේ නැහැ. කෙසේ වෙතත්, එම දෝෂය ඇති වීමට රක්ෂණය මගින් ආවරණය වන යම් අනපේක්ෂිත සිදුවීමක් බලපා ඇත්ද යන්න මත එය වෙනස් විය හැකියි..

 

මූලික රක්ෂණ වර්ග

Comprehensive Car Insurance: අනපේක්ෂිත අනතුරක්, ගින්නක්, සොරකමක් හෝ කුණාටුවකින් ඔබේ වාහනයට වන හානි මෙන්ම, වෙනත් කෙනෙකුගේ වාහනයකට හෝ දේපළකට ඔබෙන් වන හානි සඳහාද මෙයින් වන්දි ලබාගත හැකියි.

Third Party Property Damage Insurance: මෙයින් ඔබේ වාහනයට වන හානි ආවරණය නොවන අතර, අනතුරකින් වෙනත් අයෙකුගේ දේපළකට සිදුවන හානිවල පිරිවැය පමණක් ආවරණය කරනවා.

 

Mechanical faults සහ car insurance cover වන සිදුවීම් අතර වෙනස

Insured events: මෝටර් රථ අනතුරු, ගින්න, සොරකම් සහ කුණාටු හානි වැනි අනපේක්ෂිත සිදුවීම් මෙයට අයත් වෙනවා.

Mechanical faults: සාමාන්‍ය ගෙවී යාම හෝ උපාංගවල දෝෂ නිසා සිදුවන බිඳවැටීම් (උදා: engine failure, faulty brakes, flat battery) මේ යටතට ගැනෙනවා..

මේවා නඩත්තු කිරීම හරහා වළක්වා ගත හැකි නිසා රක්ෂණය මඟින් ආවරණය කෙරෙන්නේ නැහැ. කෙසේ වෙතත්, අලුත් වාහන සඳහා නිෂ්පාදකයාගේ වගකීම් සහතිකය – Manufacturer’s warranty එක යටතේ මේවා ආවරණය කෙරෙනවා.

 

යාන්ත්‍රික දෝෂයක් නිසා අනතුරක් සිදු වුවහොත්?

ඔබේ වාහනය යාන්ත්‍රික දෝෂයක් නිසා පාර අයිනේ නතර වුවහොත් රක්ෂණයෙන් උදව් ලැබෙන්නේ නැහැ. නමුත් එම බිඳවැටීම නිසා වාහනය වෙනත් අනතුරකට ලක් වුවහොත්, අනතුරින් සිදුවූ හානිය සඳහා රක්ෂණයෙන් වන්දි ලැබීමට ඉඩ තිබෙනවා.

උදාහරණයක් විදිහට , break නැති වෙලා හැප්පුනොත් වාහනයට සිදුවූ හානි සඳහා රක්ෂණයෙන් ආවරණය ලැබුණත්, කැඩුණු brakes අලුත්වැඩියා කිරීමේ වියදම ගෙවන්නේ නැහැ..

වාහනයේ යාන්ත්‍රික දෝෂයක් ඇති බව දැන දැනම එය පදවා අනතුරකට මුහුණ දුනහොත්, ඔබේ රක්ෂණ ගෙවීම ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්.

 

යාන්ත්‍රික දෝෂ මඟහරවා ගන්නේ කොහොමද?

වාහනය ආරක්ෂිතව තබා ගැනීම රියැදුරුගේ වගකීමක්. සෑම මාස හයකට වතාවක්වත් ඔබේ වාහනය නිසි පරිදි පරීක්ෂා කර service කරවා ගැනීමෙන්, කුඩා දෝෂයක් විශාල ගැටලුවක් බවට පත්වීමට පෙර වළක්වා ගන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts