මේ සීතල කාලේ ගෙදර ඇතුළට වෙලා සීතලෙන් ගැහි ගැහි ඉන්නවද? ඒත් ඉතින් ඔයා කුලී නිවසක ඉන්න කෙනෙක්නම් ලොකු වියදම් කරලා හීටර් දාන්නවත්, ගෙදර අලුත්වැඩියා කරන්නවත් සල්ලි නැති වෙන්න පුළුවන්.
ඉතින් අද අපි කියන්න හදන්නේ සාක්කුවට බරක් නැතුව, ගෙදර උණුසුම රැකගන්න කරන්න පුළුවන් ලේසි දේවල් ටිකක් ගැන.
- සීතල හුළං එන තැන් හොයලා වහන්න (Draughts)
Heating expert Chris Barnes කියන විදිහට දොර යටින් සහ ජනෙල්වල කුහරවලින් ගෙදරට සීතල හුළං එන එක ලොකු ප්‍රශ්නයක්.
දොරවල් සහ ජනෙල් අසලට පත්තු කළ හඳුන් කූරක් ළං කරලා බලන්න, දුම හොඳටම සැලෙන තැන්වලින් තමයි එළියෙන් සීතල හුළං ඇතුළට එන්නේ. එහෙමත් නැත්නම් සීතල එන තැන් පරීක්‍ෂා කරන්න thermal camera එකක් පාවිච්චි කරන්න.
දොර යට හිඩැසෙන් සීතල එන එක නවත්තන්න Door Snake එකක් (වැලි පුරවපු රෙදි බටයක්) දොර යටින් තබන්න. මේක ඔයාට $4–20 වගේ අඩු මුදලකට ලේසියෙන්ම මිලදී ගන්න පුළුවන්.
ඒ වගේම ජනෙල්වල හිඩැස් වහන්න ඉතා අඩු මුදලකට Weather strips ලබාගන්න පුළුවන්.
- ජනෙල්වලට Bubble Wrap දාන්න
ටිකක් අමුතුයි වගේ පෙනුනට, Bubble Wrap කියන්නේ වීදුරුවලින් තාපය පිටවීම වළක්වන නියම ක්‍රමයක්. වීදුරුව මත නිර්මාණය වන 3D air layer නිසා ගෙදර උණුසුම ඇතුළෙන්ම රැකදෙන්න උදව් වෙනවා. ඊටත් වඩා හොඳ ක්‍රමයක් තමයි magnetic ආධාරයෙන් සවි කළ හැකි custom-made window insulation පාවිච්චි කිරීම.
- බිමට කාපට් හෝ බුමුතුරුණු දාන්න
ගෙදර බිම ටයිල් හෝ සිමෙන්ති නම් බොහෝ දුරට සීතල දැනෙනවා වැඩියි. ශීත කාලයට ඒ උඩට carpet එකක් වැනි උණුසුම රැකදෙන දෙයක් දාන්න. මේකෙන් බිම් ලෑලි අතර හිඩැස්වලින් එන සීතල හුළඟ වගේම බිම නිතරම සීතල වීමත් පාලනය කරගන්න පුළුවන්. Summer එක ආවම මේවා අයින් කරලා තියාගන්නත් පුළුවන්.
- ගෙදරදීම Pelmet එකක් හදාගන්න
ජනෙල්වලට කර්ටන් දාලා තිබුණත්, උඩින් හිඩැස් තිබුණොත් උණුසුම් සුළං ඉහළට ගිහින් සීතල වෙලා ආපහු කාමරයට වැටෙනවා. මේක වළක්වන්න සාමාන්‍යයෙන් ‘Pelmet’ පාවිච්චි කරනවා.
ලේසිම ක්‍රමය තමයි කර්ටන් එක වහලා, ඒ උඩින් ලස්සන ස්කාෆ් එකක් හෝ රෙදි කැබැල්ලක් දාන එක. නැත්නම් ගෙදර තියෙන කාඩ්බෝඩ් එකකින් වුණත් ලස්සනට මේක හදාගන්න පුළුවන්.
- Ceiling fan එක Reverse කරන්න
අහන්නත් පුදුමයි නේද? ඒත් ගොඩක් අලුත් ceiling fan වල Winter mode, එහෙමත් නැත්නම් reverse mode එක තියෙනවා. සාමාන්‍යයෙන් ගිම්හානයට හුළඟ පහළට යොමු කරන fan එක, මේ mode එකෙන් කරන්නේ උඩට හුළඟ අරගෙන, කාමරේ උඩට රැස්වෙන උණුසුම් හුළඟ හිමින් සැරේ කාමරය පුරා විසුරුවා හරින එකයි. මේක ඔයාව සීතලෙන් බේරගන්න ලොකු උදව්වක් වෙනවා.
Heater එකක් පාවිච්චි කරනවා නම්.
ගෙදර සීතල සම්පූර්ණයෙන්ම නැති කරන්න heater එකක්ම ඕනේ නම්, විද්‍යාඥයන් කියන්නේ ‘reverse-cycle AC එකක් පාවිච්චි කරන එක දිගුකාලීනව ලාභදායී බවයි.
නමුත් ඒකට වියදම් වැඩි නිසා, portable heater එකක් පාවිච්චි කරනවා නම් නිදන කාමරවලට oil column heater එකක් පාවිච්චි කරන්න. ඒවා වියදමෙන් අඩුයි වගේම, ළමයින්ටත් ගොඩක් ආරක්ෂිතයි.