ප්‍රශ්නයක් වෙන්න කලින් ඕස්ට්‍රේලියාවේ Photos ගන්න තහනම් කළ තැන් ගැන දැනගන්න

කලින් article එකකින් අපි කතා කළා ඕස්ට්‍රේලියාවේ පොදු ස්ථානවල photos ගැනීමේදී අදාළ වෙන නීති රීති ගැන. ඉතින් අද අපි බලමු ඕස්ට්‍රේලියාවේ photos ගන්න තහනම් තැන් මොනවද කියලා.

ලස්සන තැන්වලට ගියාම කැමරාවෙන් හරි phone එකෙන් හරි photos, videos ගන්න ගොඩක් අය ආසයි. ඒත්, ඕනෑම තැනක ඕනෑම විදිහකට ෆොටෝ ගන්න පුළුවන්ද?

නෛතික සහ සංස්කෘතික හේතු මත, සමහර ස්ථානවල ඡායාරූප ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් හෝ සීමා කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ සිටින සියලු දෙනා දැනගත යුතු වැදගත් දේවල් කිහිපයක් තමයි මේ. 

 

ඡායාරූප ගැනීම සීමා කර ඇති ප්‍රධාන තැන්

දේශීය ස්වදේශිකයන්ට (Indigenous) අයත් පූජනීය බිම්: ඕස්ට්‍රේලියානු භූමියේ සැබෑ හිමිකරුවන් විසින් පාලනය වන එවැනි ස්ථානවල photos ගැනීමට යෑමේදී විශේෂ අවසරයක්, එහෙමත් නැත්නම් permits අවශ්‍ය වෙන්න පුළුවන්. සමහර තැන්වල කිසිම විදිහකින් photos ගන්න දෙන්නේ නැහැ. අදාළ බිම පාලනය කරන්නේ කවුද කියලා කලින්ම බලන එක තමයි හොඳම දේ.

ආගමික ස්ථාන සහ ස්මාරක: ආගමික ස්ථානවල සහ ස්මාරකවලත් ෆොටෝ ගැනීමේදී නීති රීති තියෙන්න පුළුවන්.

පෞද්ගලික පතල් සහ ආරක්ෂක අංශ (Defence Facilities): පෞද්ගලික අයිතිය ඇති කර්මාන්තශාලා හෝ රජයේ ආරක්ෂක අංශවලට අයත් සංවේදී ස්ථානවල ඡායාරූප ගැනීමට අනිවාර්යයෙන්ම අවසර අවශ්‍යයි. ආරක්ෂක හේතූන් මත, වැටෙන් පිටත සිට වුවද මෙවැනි තැන්වල ෆොටෝ ගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්.

සාප්පු සංකීර්ණ සහ උද්භද උද්‍යාන (Shopping centres and botanical gardens): මේවා මහජනතාවට විවෘත වුණත්, ඔයා professional මට්ටමින් ඡායාරූප ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම අවසර ගත යුතුයි.

 

Don't forget to share this post!

Recent Posts