ඕස්ට්‍රේලියාවේ Business එකක් පටන් ගන්න හිතනවද? නඩු වැටෙන්න කලින් Trading Laws ගැන දැනගන්න

Business එකක් කරගෙන යනකොට රටේ නීතිරීතිවලට ගරු කරමින්, පාරිභෝගිකයන්ට සාධාරණව සේවය කරන එක කොයි තරම් වැදගත්ද? ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයන් සඳහා අදාළ වන සාධාරණ වෙළඳ නීති, එහෙමත් නැත්නම් Fair trading laws ගැනයි අද අපි කියන්නේ.

ඔබේ ව්‍යාපාරය national, state and territory fair trading laws වලට අනිවාර්යයෙන්ම අනුකූල විය යුතුයි. ඒ යටතේ ප්‍රධාන වශයෙන් සැලකිය යුතු නීති කිහිපයක් මෙන්න;

Competition and Consumer Act 2010 (CCA): ව්‍යාපාර අතර සාධාරණ තරඟකාරීත්වයක් ප්‍රවර්ධනය කිරීමට සහ පාරිභෝගිකයන්ට සාධාරණ සැලකීමක් ලබා දීමට මෙය ක්‍රියාත්මක වෙනවා..

Australian Consumer Law – ACL: මේ නීතිය මගින් පාරිභෝගිකයන් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරයි.

Industry codes: නිශ්චිත කර්මාන්ත සඳහා සකස් කළ නීති හෝ අවම ප්‍රමිතීන් Industry codes ලෙස හඳුන්වනවා.

State and territory fair trading laws: ACL නීතිවලට අමතරව, ඔබ අනුගමනය කළ යුතු අතිරේක state and territory fair trading laws ද තිබිය හැකියි.

ඉතින් ඔයත් ඕස්ට්‍රේලියාවේ business එකක් පටන් ගන්න හිතනවානම් මේ checklist එක save කරලා තියාගන්න.

  • Fair trading laws සහ ඒවා ඔබේ ව්‍යාපාරයට අදාළ වන ආකාරය තේරුම් ගන්න
  • ඔබට අවශ්‍ය නම් CCA සහ ACL පුහුණුව ලබා ගන්න
  • CCA business compliance plan එකක් සකස් කරන්න
  • Fair trading lawsවල කිසියම් දෙයක් පිළිබඳව ඔබට විශ්වාස නැත්නම් නීති සහාය ලබා ගන්න

 

Don't forget to share this post!

Recent Posts