Dandenong Ranges වල සැඟවුණු මේ සුන්දර පාරාදීසය දැකලා තියෙනවද? Melbourne සිට පැයයි!

නගරයේ තදබදයෙන් සහ කාර්යබහුල ජීවිතයෙන් ටිකක් ඈත් වෙලා, නිස්කලංක පරිසරයක ඇවිදින්න යන්න හිතන් ඉන්නවද? එහෙනම් මෙල්බර්න් නගර මධ්‍යයේ සිට පැයකින් පමණ ළඟා විය හැකි, යෝධ ගස් පිරි අපූරු වනාන්තරයකින් සමන්විත Dandenong Ranges National Park එක ඔබට කදිම තේරීමක් වේවි.

මෙම සුන්දර උද්‍යානය පිහිටා තිබෙන්නේ Monbulk Road, Belgrave, Victoria, 3160 යන ලිපිනයෙයි. ගමන් ආරම්භ කිරීමට පෙර, Parks Victoria වෙබ් අඩවිය පරීක්ෂා කර නවතම යාවත්කාලීන කළ තොරතුරු දැනගෙන යන්න.

 

වනාන්තරය හරහා ඇවිදින්න මංපෙත්

මෙම ජාතික වනෝද්‍යානය තුළ ඇති දිගු ඇවිදීමේ මංපෙත් ඔස්සේ ඔයාට සොබාදහමේ සැබෑ සුවඳ විඳින්න පුළුවන්.

Dandenong Ranges Tourist Track, Olinda Creek Walking Track, Living Bush Nature Walk වැනි මංපෙත් හරහා ගමන් කිරීමෙන් මෙල්බර්න් නගරයේ අපූරු දර්ශන තල දැකගැනීමටත්, wallabies සහ echidnas වැනි ආවේණික සතුන් සහ ඔවුන්ගේ ස්වභාවික වාසභූමිය දැකබලා ගැනීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා.

මීට අමතරව, මෙහි ඇති බොහෝ ස්වභාවික මංපෙත්වල බයිසිකල් පැදීමට වගේම horse riding සඳහාද අවසර දී තිබෙනවා. ඒ නිසා පිටත්ව යාමට පෙර ප්‍රදේශයේ තොරතුරු පරීක්ෂා කර බැලීම වැදගත්.

 

කුරුලු නිරීක්ෂකයින්ට කදිම තැනක්

ඔබ කුරුල්ලන්ට ප්‍රිය කරන අයෙක් නම්, අනිවාර්යයෙන්ම දුරේක්ෂයක් (binoculars) රැගෙන යන්න.

kookaburras, crimson rosellas, superb lyrebird වැනි විවිධ පක්ෂීන් රැසක් මෙම කැලෑ ප්‍රදේශය තුළ නිදහසේ ගැවසෙනු ඔබට දැකගන්න පුළුවන්.

 

Picnic spots

summer එකේදී, දරුවන්වත් සමඟින් වනාන්තරය මැද ලස්සන, විවේකී Picnic එකක් යන්න කැමතිනම් මෙහි ඇති Sherbrooke, Olinda සහ One Tree Hill යන ප්‍රදේශවල විශේෂිත Picnic grounds පිහිටා තිබෙනවා. 

 

ආරක්ෂිතව ගමන් කරන්න

කාලගුණය සහ තත්ත්වයන් ඉතා ඉක්මනින් වෙනස් විය හැකි නිසා, ඔබ සංචාරය කිරීමට පෙර Parks Victoria වෙබ් අඩවියෙන් ප්‍රදේශයේ නවතම තත්ත්වයන් පරීක්ෂා කර බැලීම ඉතා වැදගත්!

 

 

Image credit: www.theroadtripoz.com.au

Don't forget to share this post!

Recent Posts