ඕස්ට්‍රේලියාවේ Rent එක 30%කින් වැඩි වෙයිද? NAB එකෙන් Warning එකක්!

ඉදිරි වසර 2 තුළ ඕස්ට්‍රේලියානු නිවාස කුලිය 30%කින් පමණ ඉහළ යෑමේ අවදානමක් පවතින බවට National Australia Bank (NAB) එක අනතුරු අඟවා තිබෙනවා.

Albanese රජය අයවැය හරහා negative gearing සහ capital gains tax ප්‍රතිපත්තිවලට ගෙන එන ලද වෙනස්කම් නිසා කුලී මුදලට බලපාන්නේ සතිපතා $2ක සුළු වැඩිවීමක් පමණක් බව පවසනවා. නමුත් NAB බැංකුව පවසන්නේ මෙහි සැබෑ බලපෑම ඊට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බවයි.

“පවතින නිවාසවල ආයෝජනය කරන අයට බදු සහන අහිමි වීම නිසා, දළ කුලී ප්‍රතිලාභය වැඩි කර ගැනීමට ඔවුන්ට සිදුවෙනවා,” යැයි එම බැංකුවේ ඕස්ට්‍රේලියානු ආර්ථික විද්‍යා ප්‍රධානී Gareth Spence පවසනවා. “සිඩ්නි සහ මෙල්බර්න් හි investment properties සඳහා, rental yield එක 3.5% සිට 4.5% දක්වා 1% කින් ඉහළ නැංවීම යනු කුලී මුදල් 25%ත් 30%ත් අතර ප්‍රමාණයකින් වැඩි වීමක්.”

 

රජයේ ප්‍රතිචාරය කුමක්ද?

මෙම අනාවැකිය පිළිබඳව ‘Sunrise’ වැඩසටහනේදී විමසූ විට, Treasurer Jim Chalmers ප්‍රකාශ කළේ මෙය NAB බැංකුවේ නිල පුරෝකථනයක් නොවන බවයි.

රජයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ කුලී නිවැසියන් නිවාස හිමියන් බවට පත්කිරීම බවත්, කුලී මිල පාලනය කිරීමට ඇති හොඳම ක්‍රමය වැඩි වැඩියෙන් නව නිවාස ඉදිකිරීම බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

 

කුලී නිවැසියන්ගේ සීමාව ඉක්මවා යයිද?

මෙම බදු වෙනස්කම් හේතුවෙන් කුලී මුදල් ඉහළ යනු ඇතැයි බියපත්ව සිටින ජනතාවට, කුලී වැඩි කළ හැකි සීමාවක් පවතින බව පර්යේෂකයින් පෙන්වා දෙනවා. Cotality පර්යේෂණ අධ්‍යක්ෂ Tim Lawless පවසන්නේ තවදුරටත් කුලී මුදල් ගෙවීමට ජනතාවට ඇති හැකියාව සීමිත බවයි.

මෙම තත්ත්වය නිසා ඉදිරියේදී සිදුවිය හැක්කේ කුලී මිල අහස උසට නැඟීම පමණක් නොව, මිනිසුන් විශාල පවුල් ලෙස එකට ජීවත් වීම, multi-generational households වැඩි වීම සහ තරුණ පිරිස් වැඩි කාලයක් දෙමාපියන් සමඟම රැඳී සිටීම වැනි වෙනස්කම් සිදුවීම බව ඔහු පුරෝකථනය කරනවා.

 

වඩාත්ම මිල අධික නගරය සිඩ්නි

මෑත කාලීන දත්ත වලට අනුව, ඕස්ට්‍රේලියාවේ වැඩිම කුලී මුදලක් අය කෙරෙන නගරය වන්නේ සිඩ්නි වන අතර, 2026 මාර්තු මාසය වන විට එහි median rent එක 5.9%කින් ඉහළ ගොස් සතියකට $824ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙල්බර්න් නගරයේ මධ්‍යස්ථ කුලිය සතියකට $632ක් ලෙස සටහන් වෙනවා.

දැනට කුලී මුදල් වාර්ෂිකව 6%ක පමණ වේගයකින් ඉහළ යමින් පවතිනවා.

 

ජනතාවගේ අදහස කුමක්ද?

සාමාන්‍ය ජනතාව අතර කර ඇති මත විමසුමකට අනුව, ඕස්ට්‍රේලියානුවන්ගෙන් 47%ක් විශ්වාස කරන්නේ රජයේ negative gearing වෙනස්කම් නිසා කුලී මුදල් තවත් වේගයෙන් ඉහළ යනු ඇති බවයි. විශේෂයෙන්ම Gen Z සහ Millennials තරුණ පරම්පරාව අතරින් 36%ක් සහ 40%ක් මෙම බදු වෙනස්කම් නිසා කුලී ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා.

රජයේ ප්‍රතිපත්ති මගින් first-home buyersලාට පහසුකම් සැලසීමට බලාපොරොත්තු වුණත්, තරුණ ජනතාව තවමත් ඒ පිළිබඳව සැකසහිත ස්ථාවරයකයි පසුවන්නේ. කෙසේ වෙතත්, votersලාගෙන් 33%ක් මෙම negative gearing වෙනස්කම් තදින් අනුමත කරනවා.

 

Don't forget to share this post!

Recent Posts