ඕස්ට්‍රේලියාවේ Business කරනවද?Consumer Rights නොදැන අමාරුවේ වැටෙන්න එපා!

ඔයා ඕස්ට්‍රේලියාවේ Business එකක් කරන/ කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්නම් ඔයාට වැදගත් වෙන දේවල් ගොඩක් අපි සන්නස Digital හරහා කතා කළා. ඉතින් අදත් අපි කියන්නේ ඒ වගේ ඔයාට වැදගත් වෙන දෙයක් ගැන.

ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා අලෙවි කරන සෑම ව්‍යාපාරයක්ම Australian Consumer Law (ACL) හෙවත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතියට යටත් වෙනවා. මෙමඟින් පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා දැඩි නීති රීති පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.

 

මෙම නීතිය ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු ආවරණය කරනවා;

භාණ්ඩ සහ සේවා සඳහා වන වගකීම් සහ සහතික (Guarantees): පාරිභෝගිකයාට ලබාදෙන භාණ්ඩ සහ සේවා ප්‍රමිතියෙන් යුක්ත විය යුතුයි.

මුදල් ආපසු ලබාදීම, අලුත්වැඩියා කිරීම සහ මාරු කර දීම (Refunds, repairs and replacements): නීතියට අනුව ගැටලු මතු වෙන භාණ්ඩ සඳහා පාරිභෝගිකයාට මෙම හිමිකම් ලැබෙනවා.

Product safety: අලෙවි කරන දේවල් පාරිභෝගිකයින්ට ආරක්‍ෂිත විය යුතුයි.

අසාධාරණ ව්‍යාපාරික පිළිවෙත් (Unfair business practices): නොමඟ යවන සුළු හෝ අසාධාරණ ක්‍රියාමාර්ග වැළැක්වීම.

අසාධාරණ කොන්දේසි වලින් ආරක්ෂාව (Protection from unfair contracts): පාරිභෝගිකයන්ට අවාසිදායක කොන්දේසිවලින් ආරක්ෂා කිරීම.

 

ACL නීතිය අනුගමනය කිරීමෙන් ඔබේ ව්‍යාපාරයට ලැබෙන ප්‍රයෝජන

පාරිභෝගික විශ්වාසය දිනාගැනීම: නීත්‍යානුකූලව කටයුතු කිරීමෙන් ගනුදෙනුකරුවන් ඔබේ ව්‍යාපාරය කෙරෙහි වැඩි විශ්වාසයක් තබනවා..

ආරවුල් මඟහරවා ගැනීම: ගැටලු ඇති වීමේ අවදානම අවම කරගැනීමට සහ නීතිමය ආරවුල් වලින් ආරක්ෂා වීමට හැකි වෙනවා.

දඩ මුදල් වලින් බේරී සිටීම: නීති කඩ කිරීම නිසා ලැබෙන දැඩි දඩ මුදල් සහ දඬුවම් වලින් වැළකී සිටීමට උපකාරී වෙනවා.

 

ඔබ කළ යුත්තේ කුමක්ද? මේ Checklist එක save කරලා තියාගන්න.

ACL නීතිය පිළිබඳව අවබෝධයක් ලබාගන්න: ඔබේ ව්‍යාපාරයට මෙම නීති රීති බලපාන්නේ කෙසේදැයි හොඳින් අධ්‍යයනය කරන්න.

policies, procedures සහ advertisements පරීක්ෂා කරන්න: ඔබේ ව්‍යාපාරික ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි සහ දැන්වීම් සියල්ල ACL නීතිවලට අනුකූලදැයි තහවුරු කරගන්න.

සේවකයන් දැනුවත් කරන්න: අවශ්‍ය නම් ඔබේ කාර්ය මණ්ඩලයටත් මේ පිළිබඳ නිසි පුහුණුවක් ලබා දෙන්න.

Don't forget to share this post!

Recent Posts