ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ සුපිරි වෙළඳසැල් ජාලයන් වන Coles සහ Woolworths තමන්ගේ Paid Membership Programs වල පාරිභෝගිකයන්ට අවාසිසහගත වන විදිහේ ලොකු වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.
මෙම වෙනස්කම් තමන්ගේ සේවාවන් තවත් කාර්යක්ෂම කිරීමට ගත් පියවරක් බව ආයතන පැවසුවත්, පාරිභෝගිකයන් පවසන්නේ එකම සේවාව ලබාගැනීම සඳහා තමන්ට දැන් පෙරට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි.
Woolworths Annual Plan අහෝසි කරයි!
Woolworths හි ‘Everyday Extra’ සාමාජිකයන්ට මෙතෙක් කල් ලැබුණු වසරකට $70 බැගින් ගෙවා සාමාජිකත්වය ලබාගැනීමේ Annual Plan එක දැන් සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා.
දැන් සෑම සාමාජිකයෙකුටම මාසිකව $7 බැගින් ගෙවීමට සිදු වෙනවා.
වසරක් සඳහා ගණනය කළ විට පාරිභෝගිකයෙකුට $84 ක් වැය වන අතර, එය කලින් පැවති $70 ට වඩා $14 ක (20% ක) වැඩිවීමක්.
කෙසේ වෙතත්, ලැබෙන 10% වට්ටම් සහ Woolworths/Big W සඳහා ලැබෙන double points ඇතුළු අනෙකුත් සියලුම ප්රතිලාභ පෙර පරිදිම හිමිවන බව Woolworths ආයතනය පවසනවා.
Coles Free Delivery ලබාගැනීමේ සීමාව ඉහළට!
Coles ආයතනය තමන්ගේ ‘Coles Plus’ subscription එක ‘Coles Plus Delivery’ ලෙස rename කරමින් සැප්තැම්බර් 9 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව නීතියක් හඳුන්වා දී තිබෙනවා.
නොමිලේ ගෙදරටම භාණ්ඩ ගෙන්නා ගැනීමට (Free Delivery) මෙතෙක් පැවති minimum threshold එක $50 සිට $75 දක්වා ඉහළ දමා තිබෙනවා.
Coles Plus හි මාසික ගාස්තුව $19 ක් හෝ වාර්ෂික ගාස්තුව $199 ක් ලෙස වෙනස් නොවී පවතිනවා..
Direct Debiting පරීක්ෂා කර බලන්න!
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මූල්‍ය විශේෂඥ Joel Gibson පවසන්නේ, ස්වයංක්‍රීයව මුදල් කැපෙන මෙවැනි Direct Debit ගැන පාරිභෝගිකයන් නිතර අවධානයෙන් සිටිය යුතු බවයි.
“ස්ට්‍රීමින් සේවාවන් වගේම තමයි මේවාත්. කාලයත් එක්ක ගාස්තු වැඩිවෙනවා, නැත්නම් ලැබෙන පහසුකම් අඩුවෙනවා. ඒ නිසා අවුරුද්දකට සැරයක්වත් තමන්ගේ account එකෙන් කැපෙන මේ වගේ Subscription වල ගෙවීම් පරීක්ෂා කරලා, ලැබෙන ප්‍රතිලාභයට වඩා වැඩි මුදලක් වැයවෙනවා නම් ඒවා cancel කරන්න.”
එසේම, පාරිභෝගිකයන් එකතුවී විරෝධය දැක්වුවහොත් මෙවැනි ආයතන නැවත තීරණ වෙනස් කිරීමට ඉඩ ඇති බවද ඔහු මතක් කර දෙනවා.
ඉතින් ඔයත් Coles Plus හෝ Woolworths Everyday Extra සාමාජිකයෙකු නම්, ඉදිරියේදී සිදුවන මෙම ගාස්තු වෙනස්වීම් ගැන ඔබේ Bank Statements සහ Emails පරීක්ෂා කර බැලීම නුවණට හුරුයි.