විශ්වයේ සාමාන්‍ය පාට මොකක්ද කියලා කවදා හරි හිතලා තියෙනවද? ඒ වගේම විද්‍යාඥයන් එය ගණනය කළේ කොහොමද? ඉතින් අද අපි කියන්නේ ඒ ගැන..
Astrophysicist Dr Alastair Gunn පැහැදිලි කරන විදිහට 2002 වසරේ කරන ලද අධ්‍යයනයකින් තාරකා විද්‍යාඥයන් සොයා ගත්තේ මන්දාකිණිවලින් සහ ඒවායේ ඇති තාරකාවලින් එන ආලෝකය, විශ්වයේ ඇති දෘශ්‍යමාන වායු සහ දූවිලි වලාකුළු සියල්ල එකතු කර සාමාන්‍යයක් ගත් විට, එය සුදු පැහැයට ඉතා ආසන්න ivory colour එකක් ගන්නා බවයි. ඔවුන් මෙම විශේෂිත වර්ණය ‘cosmic latte’ ලෙස නම් කළා.
Universe එකේ ඇයි මේ තරම් beigeness එකක් පෙනෙන්නේ?
විශ්වය මේ තරම් beige වෙලා පෙන්න හේතු වෙලා තියෙන්නේ නිල් පැහැයට වඩා රතු, කහ සහ කොළ පැහැති ආලෝකය නිකුත් කරන ප්‍රදේශ තරමක් වැඩිපුර තිබීමයි.
කොහොම වුණත්, මුළු අහසම පුරා සාමාන්‍යයෙන් බැලූ විට, මෙම දුඹුරු පැහැය අඩු වෙලා, සම්පූර්ණයෙන්ම නැතත් කළු පැහැයක් තමයි පෙන්නේ.