ඕස්ට්‍රේලියානුවන්ට ලැබෙන Social Security Payments $4B කින් ඉහළට!

එදිනෙදා ජීවන වියදම හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ඕස්ට්‍රේලියානුවන් මිලියන 5.3 කට වැඩි පිරිසකට සහනයක් ලබාදෙමින්, ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි social security payments ගෙවීම් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

මෙම වර්ධනය වෙනුවෙන් රජය විසින් ඩොලර් බිලියන 4 ක අමතර මුදලක් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස වැඩි වෙන මිල ගණන් (per fortnight);

විශ්‍රාමිකයන් (Pensioners)

තනි පුද්ගලයෙකුට ලැබෙන උපරිම මුදල $36.80 කින් ඉහළ ගොස් $1237.70 දක්වා වැඩි වෙනවා. 

couple එකකට ලැබෙන මුදල $55.60 කින් ඉහළ ගොස් $1866 දක්වා වැඩි වෙනවා.

 

රැකියා විරහිත දීමනා (JobSeeker)

දරුවන් නොමැති තනි පුද්ගලයෙකුට ලැබෙන දීමනාව $16.20 කින් වැඩිවී $833.70 දක්වා ඉහළ යනවා.

දරුවන් සිටින, single දෙමාපියන්ට ලැබෙන දීමනාව $20.90 කින් වැඩිවී $1087.20 දක්වාත්, අඹුසැමි යුවළකට එක් අයෙකුට $14.80 කින් වැඩිවී $763 දක්වාත් ඉහළ යනු ඇත.

 

ගෙවල් කුලී සහන (Rent Assistance) සහ Youth Allowance

ගෙවල් කුලී සහන ලබන තනි පුද්ගලයෙකුට $223.80 ක් දක්වාත් ($4.40 ක වැඩිවීමක්), යුවළකට $211 දක්වාත් ($4.20 ක වැඩිවීමක්) හිමි වෙනවා.

Youth Allowance ලබන තනි පුද්ගලයෙකුගේ දීමනාව $20.90 කින් වැඩිවී $1087.20 දක්වා ඉහළ යනවා.

 

“මේ වැඩිවීම ජීවත් වෙන්න ප්‍රමාණවත් නැහැ” – චෝදනා!

සමාජ සේවා අමාත්‍ය Tanya Plibersek පවසන්නේ මෙම මුදල් වැඩිවීම හරහා වඩාත්ම අසරණ වූ ජනතාවට සහනයක් ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලයේ (ACOSS) ප්‍රධානී Cassandra Goldie පෙන්වා දෙන්නේ මේ Indexation එක  ජනතාවගේ දිළිඳුකම නැති කිරීමට ප්‍රමාණවත් නොවන බවයි. “JobSeeker දීමනාව තියෙන්නේ රටේ අවම වේතනයෙන් 40% ක් වගේ ප්‍රමාණයක්. අවම වේතනයෙන් ජීවත්වෙන්නත් අමාරු එකේ, ඒකෙන් අඩකටත් වඩා අඩු මුදලකින් ජනතාව කොහොමද කෑම බීම, ගෙවල් කුලී සහ අත්‍යවශ්‍ය දේවල් පියවා ගන්නේ?”

Anglicare ආයතනයේ 2026 Cost of Living Index report එකට අනුව, JobSeeker දීමනාව ලබන අයෙකුට ගෙවල් කුලී සහ කෑම බීම වියදම් දැරීමෙන් පසු සති දෙකකට ඩොලර් 502 ක හිඟයක් ඇතිවන අතර, තනි දෙමාපියන්ට ඩොලර් 348 ක හිඟයක් ඇතිවෙන බවද සඳහන් වෙනවා.

Don't forget to share this post!

Recent Posts