ඔයාගේ අතින් වැරදීමකින් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන හදිසි ඇමතුම් අංකය වන Triple-0 (000) එකට call එකක් ගියොත් මොකද වෙන්නේ? පොලීසිය ගෙදරටම එනවද? අද අපි කියන්නේ ඒ ගැන.
හදිසි ඇමතුම්වලින් 30% ක්ම සැබෑ හදිසි අවස්ථා නෙවෙයි!
Telstra ආයතනයේ දත්තවලට අනුව, වසරකට Triple-0 අංකයට ලැබෙන ඇමතුම් මිලියන ගණනකින් න් 30% ක්ම වැරදීමකින් යන ඇමතුම්, Prank calls හෝ සැබෑ හදිසි අවස්ථාවක් නොවන ඇමතුම්.
ඔබ 000 ඇමතූ විට සිදුවන්නේ කුමක්ද?
ස්වයංක්‍රීය පණිවිඩය සහ Operator: ඔබ 000 හෝ 112 ඇමතූ විට, Telstra Operator කෙනෙකු විසින් ඔබට අවශ්‍ය පොලිසිය (Police), ගිනි නිවන හමුදාව (Fire) හෝ ගිලන් රථ සේවයද (Ambulance) යන්න විමසනවා.
Interactive Voice Unit (IVU): ඔබගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත්නම්, පද්ධතිය මඟින් ඔබට 55 අංකය ඔබන ලෙස උපදෙස් දෙනවා.
ප්‍රතිචාර නැත්නම් Disconnect වීම: අවස්ථා 3 කදීත් ප්‍රතිචාරයක් නැත්නම් ඇමතුම විසන්ධි වෙනවා.
නැවත ඇමතුම් ලබාගැනීම සහ පොලිසිය යැවීම: එක දිගටම මෙසේ සිදුවේ නම්, Operator විසින් එම අංකය ලියාපදිංචි ලිපිනයට පොලිස් කණ්ඩායමක් යැවීමට කටයුතු කරනවා.
කුඩා දරුවෙකුගේ ජීවිතය බේරාගත් වැරදුණු ඇමතුම!
වැරදීමකින් යන ඇමතුම් බොහොමයකදී මිනිසුන් පවසන්නේ “අයියෝ සොරි, ළමයි ෆෝන් එක එක්ක සෙල්ලම් කළා” කියායි. නමුත් එක් අවස්ථාවක Mount Colah හි නිවසකින් කිසිවෙකු කතා නොකර පසුපසින් ශබ්ද පමණක් ඇසුණු ඇමතුමකට පොලිසිය ගොස් තිබුණා.
එහිදී ඔවුන්ට දැකගන්න ලැබුණේ අවුරුදු 4 ක කුඩා දැරියක් නිවසේ සිටින අතරතුර ඇගේ මව සිහිය නැතිව ඇද වැටී සිටි අයුරයි. ඒ නිසා මෙවැනි ඇමතුම් සුළුවෙන් තැකීමට හදිසි සේවාවන්ට හැකියාවක් නැහැ.
Triple Zero එකට ඔබේ නිවැරදිම Location එක පෙන්නනවද?
ඔව්, පෙනෙනවා! 2020 දෙසැම්බර් සිට 2021 අගෝස්තු දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාව පුරා Advanced Mobile Location (AML) තාක්ෂණය සාර්ථකව ස්ථාපිත කළා.
මේ නිසා ඔබ Triple Zero ඇමතුමක් ගන්නා විට:
ඔබේ ෆෝන් එකේ GPS, Wi-Fi, සහ Cellular Network දත්ත හරහා Operator ට කෙළින්ම ඔබේ ස්ථානය ලබාදෙනවා.
මෙය එළිමහනකදී නම් 5m ක් තරම් ආසන්නයටත්, ගොඩනැගිල්ලක් ඇතුළතදී නම් 25m ක් තරම් ආසන්නයටත් ඉතාම නිවැරදිව ස්ථානය පෙන්වනවා.
ලොකුම සීමාව: ඔබේ ෆෝන් එක වෙනත් දුරකථන ජාලයකට (Roamed Network) සම්බන්ධ වී තිබේ නම් AML තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ නැහැ. එමෙන්ම තහවුරු කරගැනීම සඳහා Operator විසින් සෑම විටම වාචිකවද ඔබ සිටින ස්ථානය විමසනවා.
හදිසි අවස්ථාවකදී ඔබේ නිවැරදිම ස්ථානය හදිසි සේවාවන්ට තහවුරු කිරීමට Emergency+ App එක phone එකට download කරලා තියාගන්න එක වඩාත් හොඳයි.