ලෝකයේ හොඳම සහ සුන්දරම වෙරළ තීරයන් අතර ඉහළින්ම රැඳෙන Whitehaven Beach කියන්නේ ඕස්ට්‍රේලියාවේ Whitsundays දූපත් සමූහයේ තියෙන පුදුම හිතන තරම් සුන්දර ස්වාභාවික නිර්මාණයක්. Whitsunday දූපතේ 7km කට වඩා දිගට විහිදෙන මේ වෙරළ තීරය, සොබාදහමේ අපූර්වත්වය උපරිමයෙන්ම විඳගන්න පුළුවන් තැනක්.
ඇයි මේ වැලි මෙච්චර විශේෂ?
Whitehaven Beach හි තියෙන වැලිවල 98% ක්ම අඩංගු වෙන්නේ පිරිසිදු සිලිකා (Silica).
ඒ වගේම මේ නිසා වැලි ඉතාම පිරිසිදු, සුදු පැහැති මෙන්ම මෘදු ස්වභාවයක් ගන්නවා. රස්නේ තියෙන අව්ව තියෙන දවසක වුණත් මේ වැලි රත් වෙන්නේ නැති නිසා, පාවහන් නැතුව ඇවිදිනකොට මාරම පහසුවක් සහ සුවයක් දැනෙනවා.
Whitehaven Beach යන ඔයා නැරඹිය යුතු ප්‍රධාන ස්ථාන
Hill Inlet සහ Tongue Point Lookout (උතුරු මායිම):
වෙරළේ උතුරු දෙසින් පිහිටි Hill Inlet හි ඇති Tongue Point Lookout වෙත කුඩා කඳු නැගීමකින් පසු ළඟා විය හැකියි. එතැන සිට බලන විට සුදු වැලි සහ නිල් පැහැති මුහුදු ජලය එකිනෙක මුසු වෙමින් මවන සුන්දර දර්ශනය දැකබලා ගන්න පුළුවන්.
දකුණු මායිම:
වෙරළේ දකුණු දෙසින් පිහිටි කිලෝමීටරයක පමණ ස්වාභාවික වනාන්තර මාවත දිගේ ගමන් කළ විට, තවත් අලංකාර දර්ශන තලයකට ළඟා වීමට පුළුවන්.
මෙතැනට ළඟාවෙන්නේ කොහොමද?
Whitehaven Beach වෙත Airlie Beach ප්‍රධාන නගරයේ සිට හෝ අසල ඇති resort islands 4 හි සිට පහසුවෙන්ම යන්න පුළුවන්.
බෝට්ටු සවාරි: දිනපතා ක්‍රියාත්මක වන Day Trips, overnight Sailing Experiences හෝ තමන්ගේම බෝට්ටුවක් වුණත් පදවන්න පුළුවන්.
ගුවන් සවාරි: වඩාත් විස්මිත අත්දැකීමක් සඳහා Helicopter හෝ Seaplane මඟින් ගුවනේ සිට සිරි නරඹමින් කෙළින්ම වෙරළටම බැසීමටද පහසුකම් තියෙනවා..
ඉතින් ඔයා Queensland වල ඉන්න කෙනෙක්නම්, එහෙමත් නැත්නම් Queensland වල සංචාරය කරන්න ඉන්න කෙනෙක්නම්, ඔබේ Travel List එකට මේ සුන්දර Whitehaven Beach එකත් අනිවාර්යයෙන් එකතු කරගන්න!
📍 Whitehaven Beach
Whitehaven Beach, Whitsunday Island, Whitsundays, Whitsunday Area, Queensland, 4802