ඕස්ට්‍රේලියාවේ Citizenship Interview එකට හරියට face කරන්නේ කොහොමද?

අපි කලින් article එකකින් කිව්වා ඕස්ට්‍රේලියාවේ Citizenship Test එක ගැන.

ඕස්ට්‍රේලියානු Citizenship එක සඳහා අයදුම් කරන ඇතැම් අයට සාමාන්‍ය Citizenship Test එකට පෙනී සිටීමට අවශ්‍ය නොවුණත්, ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට සහ application එක පිළිබඳව කරුණු විමසීමට Interview එකක් සඳහා කැඳවීමට හැකියාව තිබෙනවා.

ඔයාව මේ වගේ Interview එකකට කැඳවනවා නම්, ඒ පිළිබඳ සියලු තොරතුරු ඔයාට කෙළින්ම දැනුම් දෙනවා.

ඉතින් අද අපි කියන්නේ ඔයා Australian citizenship Interview එකට යන්න කලින් දැනගත යුතු ප්‍රධාන කරුණු:

වයස අවුරුදු 16 සහ 17 අයදුම්කරුවන් සඳහා:

  • ඔයා වයස 16 හෝ 17 හි පසුවන අයෙකු නම්, පහත කරුණු සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් ඇති බව සම්මුඛ පරීක්ෂණයේදී පෙන්විය යුතුයි;
  • ඔබේ අයදුම්පතේ ස්වභාවය සහ අරමුණ තේරුම් ගැනීම.
  • ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මූලික දැනුම.
  • ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුගේ වගකීම් සහ හිමිකම් (Responsibilities and Privileges) පිළිබඳ අවබෝධය.

 

Interview එකට සූදානම් වෙන්නේ කොහොමද?

සම්මුඛ පරීක්ෂණය සඳහා හොඳින් සූදානම් වීමට ඔබට පහත ක්‍රමවේද භාවිත කළ හැකියි:

  • Australian Citizenship: Our Common Bond (OCB)​ resource booklet එක කියවීම ඉතා වැදගත්. (මෙය ඉංග්‍රීසි ඇතුළු භාෂා ගණනාවකින් ලබාගත හැකියි).
  • Our Common Bond podcast එකට සවන් දීමෙන් ලෙහෙසියෙන්ම තොරතුරු මතක තියාගන්න පුළුවන්. (https://immi.homeaffairs.gov.au/citizenship/test-and-interview/listen-to-podcast)
  • English language learnersලාට විශේෂයෙන් සකසන ලද AMEPOnline citizenship modules හරහා Interactive විදිහට පාඩම් ඉගෙනගන්න පුළුවන්.
  • ඔබේ ඉංග්‍රීසි භාෂා හැකියාව තවදුරටත් වර්ධනය කරගැනීමට සාමාන්‍ය AMEP Program එකකට සම්බන්ධ වෙන්න.

 

විශේෂ සැලකිලි සහ සහන ලැබෙන අවස්ථා:

වයස අවුරුදු 60 ට වැඩි අය සහ ශ්‍රවණ, කථන, හෝ දෘශ්‍ය ආබාධ සහිත අය:

ඔබගෙන් බලාපොරොත්තු වන්නේ අයදුම්පතේ ස්වභාවය පිළිබඳ මූලික අවබෝධයක් පමණයි. ඔබට Support person කෙනෙක් හෝ පවුලේ සාමාජිකයෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවාගෙන යන්න පුළුවන්. අවශ්‍ය නම් දෝෂ නිරාකරණයට පරිවර්තකයෙකු (Interpreter) ලබාගන්නත් පුළුවන්.

 

ස්ථිර ශාරීරික හෝ මානසික ආබාධ සහිත අය:

එවැනි අබාධිත තත්ත්වයන් තහවුරු කරගැනීමෙන් පසුව, ඔබටද සහායකයෙකු සමඟ පැමිණීමට සහ පරිවර්තක සේවාවන් ලබාගැනීමට අවස්ථාව හිමි වෙනවා.

ඔබට Interview එකක් අවශ්‍ය බව දැනුම් දුන්නොත් පමණක් මෙම පියවරයන් අනුගමනය කරන්න. වැඩිදුර විස්තර සඳහා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

අපි ඉදිරි articles වලින් කතා කරමු i​​terview එකට යනකොට අරගෙන යන්න ඕන දේවල් සහ i​​nterview එකෙන් පස්සේ මොකද වෙන්නේ කියන එක.

Don't forget to share this post!

Recent Posts