ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් ඔබ ලංකාවේ ජීවත් වූ කාලසීමාව වෙනුවෙන් නිල පොලිස් සහතික නිකුත් කරනු ලබනවා. මෙය ලබාගැනීමට ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට ක්‍රම කිහිපයක්ම භාවිත කරන්න පුළුවන්.
- කෙළින්ම Online මඟින් අයදුම් කිරීම (Direct Online Submission)
ඔයා වයස අවුරුදු 16 සම්පූර්ණ වූවාට පසුව ශ්‍රී ලංකාවෙන් පිටව ගිය අයෙකු නම්, ඔයාට පොලිස් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා online apply කරන්න පුළුවන්.
- කාර්යාල වෙත පැමිණ අයදුම් කිරීම (Applying at the Counter)
ඔයාට Online අයදුම් කිරීමට අපහසු නම්, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට ඇවිත් application එක submit කිරීමටද පහසුකම් පවතිනවා. මේ සඳහා ඕනෑම වැඩකරන දිනක පෙ.ව. 9.30 සිට ප.ව. 1.30 දක්වා යන්න පුළුවන්. ඔයා යන්න කලින් Prior Appointment එකක් දාන එක අනිවාර්යයි.
ඔයා වයස අවුරුදු 16 සම්පූර්ණ වීමට පෙර ලංකාවෙන් පිටව ගිය කෙනෙක් නම්, ඔයා අනිවාර්යයෙන්ම counter එකට ඇවිත් application එක භාරදිය යුතුයි.
South Australia වල සිටින අය සඳහා උපදෙස්
ඔයා South Australia වල පදිංචි අයෙකු නම්, ශ්‍රී ලංකා Honorary Consul ලවා ඔබේ ලියකියවිලි Certify කරගෙන, තැපෑල මඟින් application එක යැවිය හැකියි.
රජයේ නිවාඩු දිනවල office එක වසා තබන නිසා, යන්න කලින් නිල වෙබ් අඩවිය හරහා නිවාඩු දින පිළිබඳව පරීක්ෂා කර බලන්න අමතක කරන්න එපා.