Reserve Bank of Australia (RBA) විසින් ඔක්තෝබර් 1 වනදා සිට Surcharge අය කිරීම තහනම් කිරීමට සහ Interchange fees සීමා කිරීමට තීරණය කිරීමත් සමඟ, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු තම Credit Card ගාස්තු වැඩි කිරීමට සහ Rewards points ප්‍රතිලාභ කැපීමට පියවර ගනිමින් සිටිනවා. මෙම නීතිමය වෙනස නිසා බැංකුවලට වසරකට ඩොලර් මිලියන 660 ක පමණ ආදායමක් අහිමි වන අතර, එම පාඩුව පියවා ගැනීමට බැංකු සිය Credit Card සේවාවන්වල කොන්දේසි දැඩි කර තිබෙනවා.
ප්‍රධාන බැංකු සිදුකර ඇති වෙනස්කම්
CBA (Commonwealth Bank) Rewards ක්‍රමය ‘CommBank Yello’ පද්ධතියට ගෙන යනවා. Card fee waivers අහෝසි කර ඇති අතර, Points හරහා ලබාගන්නා Voucher වල වටිනාකම අඩු කර තිබෙනවා.
Westpac / St.George / BankSA
පොලී අනුපාත 3% දක්වා ඉහළ දමා ඇති අතර වාර්ෂික ගාස්තු (Annual fees) වැඩි කර තිබෙනවා. දින 55 ක්ව තිබූ Interest-free කාලය දින 45 දක්වා අඩු කර තිබෙනවා.
NAB
පොලී අනුපාත 1.5% කින් වැඩි කර ඇති අතර, Earn rates සීමා කර තිබෙනවා.
ANZ
අලුතින් එකතුවන පාරිභෝගිකයන්ට ලබාදෙන Sign-up Bonus Points ප්‍රමාණය 130,000 සිට 80,000 දක්වා කපා හැර තිබෙනවා.
Rewards Points වල වටිනාකම අඩුවෙන්නේ කොහොමද?
Burn rate එක ඉහළ යාම නිසා දැන් ඔබට පෙර තිබූ වටිනාකමින් යුත් Gift card එකක් හෝ ප්‍රතිලාභයක් ලබාගැනීමට වඩා වැඩි Points ප්‍රමාණයක් එකතු කිරීමට සිදු වෙනවා. Westpac: ඩොලර් 100 ක eGift කාඩ්පතක් ගැනීමට පෙර පැවති Points 23,500 වෙනුවට දැන් Points 29,412 ක් අවශ්‍යයි. එනම්, 25% ක වැඩිවීමක්.
CBA: ඩොලර් 50 ක Myer කාඩ්පතක් සඳහා පෙර පැවති Points 10,950 වෙනුවට දැන් Points 12,500 ක් එකතු කළ යුතුයි.
පාරිභෝගිකයන්ට ලැබෙන වාසිය සහ ඔබ කළ යුත්තේ කුමක්ද?
කෙසේ වෙතත්, මෙම Surcharge තහනම නිසා ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයන්ට වසරකට ඩොලර් බිලියන 1.6 ක අමතර මුදලක් ඉතිරි වන අතර, ව්‍යාපාරිකයන්ට ඩොලර් මිලියන 910 ක් ඉතිරි වෙනවා.
පසුගිය වසරේ ඔයා Credit Card එක වෙනුවෙන් ගෙවූ ගාස්තු සහ පොලී මුදල ගණනය කරන්න. ඒ හා සංසන්දනය කරලා ඔයා ලබාගත් Rewards වල සැබෑ වටිනාකම ගණන් බලන්න. ඔයාට පාඩු වෙලා නම්, එකතු වී ඇති Points භාවිතා කර කාඩ්පත අවලංගු කිරීමට හෝ Debit Card එකකට මාරු වීම වඩාත් සුදුසු වෙන්නත් පුළුවන්. ඔයාට වඩාත් ලාබදායී ක්‍රමය මොකක්ද කියන එක ගැනත් හිතලා බලන්න..