වැරදි Product Label නිසා ඔයාගේ Business එකට නඩු වැටෙන්න කලින් කියවන්න!

ඔයා ඕස්ට්‍රේලියාවේ business එකක් කරන කෙනෙක්ද? නැත්තන් කරන්න හිතාගෙන ඉන්නවද? එහෙම නැතුව ඔයා පාරිභෝගිකයෙක් වුණත් ඔස්ට්‍රේලියාව තුළ Product Labels වලට අදාළව තිබෙන නීති දැනගෙන ඉන්න එක වැදගත්. මීට කලිනුත් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට ඔයාගෙම කියල business එකක පටන් ගන්න අවශ්‍ය වෙන් හැමදෙයක්ම වගේ අපි කිව්වා. ඉතින් අද බලමු Label ගැන.

ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ හා නිෂ්පාදන අලෙවි කරන ඕනෑම ව්‍යාපාරිකයෙක් තම නිෂ්පාදනවල ඇසුරුම් සහ ලේබල් (Product Labels) සම්බන්ධයෙන් පවතින නීතිමය රෙගුලාසි පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුයි.

ඕස්ට්‍රේලියානු පාරිභෝගික නීතියට (Australian Consumer Law) අනුව, පාරිභෝගිකයාට ලබාදෙන සෑම තොරතුරක්ම සම්පූර්ණයෙන්ම පැහැදිලි, නිවැරදි සහ සත්‍ය තොරතුරු (Clear, accurate and truthful) විය යුතු අතර, වැරදි තොරතුරු ඇතුළත් කිරීම බරපතල දඩුවම් ලැබිය හැකි වරදක්.

 

ලේබලයක අනිවාර්යයෙන්ම තිබිය යුතු ප්‍රධාන තොරතුරු මොනවද?

ඔයා අලෙවි කරන නිෂ්පාදනය අනුව ලේබලයේ ඇතුළත් විය යුතු තොරතුරු වෙනස් වන අතර, ප්‍රධාන වශයෙන් පහත දෑ ඇතුළත් විය යුතුයි;

නිෂ්පාදිත රට (Country of Origin): භාණ්ඩය නිපදවූයේ හෝ සකස් කළේ කුමන රටේද කියන එක.

ප්‍රමාණය සහ බර (Measurement): නිෂ්පාදනයේ බර (Weight), පරිමාව (Volume) හෝ වෙනත් මිනුම්.

පෝෂණ තොරතුරු (Nutritional Info): ආහාර පාන වර්ග සඳහා පෝෂණ ගුණ වගුව.

අඩංගු දෑ සහ අසාත්මිකතා (Ingredients & Allergens): අඩංගු ද්‍රව්‍ය, රසායනික එකතු කිරීම් සහ අසාත්මිකතා ඇතිවිය හැකි දේවල් (Allergens).

කල් ඉකුත්වීමේ දිනය: ‘Use by’ හෝ ‘Best before’ දිනය පැහැදිලිව සඳහන් කිරීම.

ආරක්ෂිත උපදෙස් (Safety Warnings): භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ ඇති විය හැකි අවදානම්.

කාර්යක්ෂමතා ලේබල: විදුලි හෝ ජල උපකරණ සඳහා Energy/Water efficiency ratings.

 

ලේබල් සකස් කිරීමේදී සැලකිලිමත් විය යුතු දේවල් මොනවද?

නිවැරදිභාවය: පාරිභෝගිකයා නොමඟ යවන සුළු (Misleading) කිසිදු වචනයක් හෝ පින්තූරයක් භාවිත නොකළ යුතුයි.

කියවීමේ පහසුව: අකුරු පැහැදිලිව කියවිය හැකි ප්‍රමාණයෙන් (Readable font size) සහ පසුබිමේ කැපී පෙනෙන ලෙස තිබිය යුතුයි.

 

විශේෂිත නීති රෙගුලාසි

ආහාර, සෞඛ්‍ය නිෂ්පාදන, සෙල්ලම් බඩු සහ රසායනික ද්‍රව්‍ය සඳහා වෙනම විශේෂිත නීති මාලාවන් (Standard Codes) බලපවත්වනවා. ඉතින් ඔයා ඕස්ට්‍රේලියාව තුළ අලුතින් නිෂ්පාදනයක් වෙළඳපොළට නිකුත් කරනවා නම් හෝ ආනයනය කරනවා නම්, ACCC (Australian Competition and Consumer Commission) නිල වෙබ් අඩවිය හරහා ඔබේ නිෂ්පාදනයට අදාළ නිවැරදි ලේබල් නීති පරීක්ෂා කර බැලීමට අමතක කරන්න එපා.

Don't forget to share this post!

Recent Posts