ඔස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට යන ගමන දැන් තව ලේසි වෙනවා. අද (අඟහරුවාදා) Jetstar එකේ පළමු Melbourne-Colombo direct flight එක පියාසර කරන්නේ, SriLankan Airlines සමඟ එකතු වෙමින්. ඒ අනුව මේ route එකේ ගමන් කරන පළමු Australian airline එක බවට Jetstar පත් වෙනවා.
ගමන් වේලාවන් මෙන්න
Melbourne → Colombo: දහවල් පිටත් වෙලා, පැය 10ක් විනාඩි 20කින් පසු, ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.50ට කොළඹට ළඟා වෙනවා.
Colombo → Melbourne: රාත්‍රී 7.50ට කොළඹින් පිටත් වෙලා, පැය 9යි විනාඩි 40කින්, ඊළඟ දවසේ උදේ 10.00ට Melbourne වෙත ළඟා වෙනවා.
මේ flight එක සතියේ දින 3ක් (අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා) වසර පුරාම ක්‍රියාත්මක වෙනවා.
ඉතින් මේකෙන් Melbourne-Colombo route එකට seats 100,000කට වඩා අලුතින් එකතු වෙනවා.
Jetstar මේ route එකට යොදවන්නේ අලුතින් refurbish කරපු Boeing 787 Dreamliner fleet එකයි. මේ අලුත් කිරීමේදී;
ඔයාගෙම device එකෙන් stream කරන්න පුළුවන් වෙන විදිහට Wi-Fi එකතු කරලා තියෙනවා.
Business class seats ගණන දෙගුණයක් කරලා.
පැය 16ක් වගේ දිගු ගමන්වලට ගැළපෙන lie-flat crew rest area එකක් හඳුන්වා දීලා තියෙනවා කියන්නේ ඉදිරියේදී තවත් දිගු ගමන් routes එකතු වෙන්න ඉඩ තියෙනවා කියන එකයි.
දැනට මේ සියලුම flights අලුත් aircraft එකෙන්ම විතරක්ම run වෙන්නේ නැහැ. සමහර flights අලුත් refurbished 787 එකෙන්, සමහරක් තාම පරණ 787 එකෙන් run වෙනවා.
Jetstar Group CEO Steph Tully මේ ගැන කියන්නේ මෙහෙමයි:
“අපි දැනටමත් flights වලට තියෙන ඉල්ලුම ලොකුවට දැකලා තියෙනවා. Victoriaවල තමයි ඕස්ට්‍රේලියාවේ ඉන්න ලොකුම Sri Lankan community එක ඉන්නේ, ඒ නිසා holiday-makers ලාට සහ family/friends visit කරන අය අතර මේ route එක popular වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”
48-Hour Sale එකෙන් $319ට Colombo ටිකට් එකක්
Jetstar මේ අලුත් service එක celebrate කරන්න 48-hour “First Flight Sale” එකක් launch කරලා තියෙනවා:
$319 සිට one-way Fares ආරම්භ වෙනවා (checked baggage exclude)
Sale එක ආරම්භ වෙන්නේ අගෝස්තු 25 දහවල් ඉඳන්
Sale එක අවසන් වෙන්නේ අගෝස්තු 27, බ්‍රහස්පතින්දා, දහවල් 12.00ට (AEST) ( sold out වුනොත් ඊට කලින්ම close වෙන්න පුළුවන්)
Travel dates 2027 පෙබරවාරි මැද ඉඳන් තෝරගන්න පුළුවන්
දැනගන්න ඕන කරන Terms & Conditions කීපයක්:
2027 පෙබරවාරි 2ට කලින් ගමන් කරන අයට 7kg carry-on bag එකක් fare එකට include වෙනවා
2027 පෙබරවාරි 2 ට පසුව ගමන් කරන අයට carry-on bag එකක් (weight limit වෙනස්) include වෙනවා
Underseat carry-on bag සහ Priority Carry-on වෙනම මිලදී ගන්න පුළුවන් (availability එක මත)
PayID, Jetstar Voucher, Gift Card, හෝ Qantas Points වලින් කරන payments සඳහා තමයි මේ Prices based වෙලා තියෙන්නේ. වෙන payment method වලට Payment Fee එකක් අදාළ වෙනවා (jetstar.com/fees බලන්න).
ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට ගිහින් එන්න මේ අලුත් Dreamliner ගමනට ලෑස්තිද? ලංකාවට යන ඔයාගේ ඊළඟ ගමන Jetstar එකෙන් plan කරනවා නම්, sale එක ඉවර වෙන්න කලින් ticket එක book කරගන්න අමතක කරන්න එපා.
Image credit: havewheelchairwilltravel.net