Swiss බැංකුවක් වන UBS විසින් නිකුත් කර ඇති නවතම ගෝලීය වාර්තාවකට අනුව, සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවන් අතර ඩොලර් මිලියන ගණනක Net worth ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා.
මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ඉහළ නංවන property market එකයි. ඔස්ට්‍රේලියානුවන් සතුව පවතින residential land සහ dwellings වල සමස්ත වටිනාකම ඩොලර් ට්‍රිලියන 12.3 ක්. එය ජපානය, ඉන්දියාව සහ එක්සත් රාජධානිය යන රටවල දළ දේශීය නිෂ්පාදිතයන් (GDP) එකතු කළ විට ලැබෙන ප්‍රමාණයද ඉක්මවා යනවා.
2026 UBS Global Wealth Report එකට අනුව, පසුගිය වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියනයකට වඩා (ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.45 කට වඩා) වැඩි ශුද්ධ වත්කම් හිමි ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 25,000 කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඒ සමඟම එම සමස්ත සංඛ්‍යාව මිලියන 1.6 දක්වා ළඟා වී තිබෙනවා..
දේපළ වෙළඳපොළේ ප්‍රබල දායකත්වය
Median Wealth: ඔස්ට්‍රේලියාවේ median wealth එක ඇමරිකානු ඩොලර් 210,783 ක් (ඔස්ට්‍රේලියානු ඩොලර් 306,074) ලෙස සටහන් වන අතර, Luxembourg සහ Belgium වලට පසු ලෝකයේ තුන්වන ඉහළම ස්ථානය හිමිකම කරගෙන සිටිනවා..
Average Wealth: වැඩිහිටියෙකුට හිමි සාමාන්‍ය ධනය අතින් ඔස්ට්‍රේලියාව ලෝකයේ පස්වන ස්ථානයේ පසුවේ. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 616,306 ක්.
සැබෑ තත්ත්වය: කෙසේ වෙතත්, මෙම අලුත් මිලියනපතියන්ගේ වත්කම් වල අගය ඉහළ ගියත්, ඔවුන් සතු ධනයෙන් වැඩි කොටසක් ඇත්තේ අතේ ඇති මුදල් ලෙස නොව නිවාස සහ ඉඩම් වැනි ස්ථාවර වත්කම් ලෙසින්. මේ වන විට ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය නිවාසයක මිල ඩොලර් මිලියන 1.1 ඉක්මවා ගොස් තිබෙනවා..
සමාජයේ ධනය බෙදීයාම කොහොමද?
UBS වාර්තාවට අනුව, ඔස්ට්‍රේලියාවේ wealth inequality එක ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර, ලෝකයේ ධනය වඩාත් සාධාරණ ලෙස බෙදී ගිය රටවල් අතරට එය එක්වෙනවා.
රටක ධනය බෙදීයාම මැන බලන ‘Gini coefficient’ දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාව 0.53 ක අගයක් ලබා තිබෙනවා. මෙයින් කියැවෙන්නේ ලෝකයේ අනෙකුත් ප්‍රධාන රටවල් සමඟ සසඳන විට ඔස්ට්‍රේලියාවේ ධනය සමාජය තුළ වඩාත් සාධාරණ ලෙස බෙදී ගොස් ඇති බවයි.