Smart Glasses වලට Brisbane වලින් අලුත් නීතියක්!

Brisbane City Council එක විසින් එහි පොදු පිහිනුම් තටාක තුළ AI Smart glasses යොදාගනිමින් ජනතාව රහසිගතව වීඩියෝ කිරීම දැඩි ලෙස තහනම් කර තිබෙනවා.

නගර සභාව නිවේදනය කළේ, කැමරා සහිත සියලුම උපාංග, Wearable technology, ජංගම දුරකථන සහ Action cameras අවසරයකින් තොරව භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බවයි.

නව ඇතුළත් වීමේ කොන්දේසි යටතේ, පාරිභෝගිකයන්ට ස්මාර්ට් කණ්ණාඩි තටාක අංගනයට රැගෙන යාමට අවසර ඇතත්, කිසිදු අවසරයකින් තොරව වීඩියෝ කිරීම හෝ ඡායාරූප ගැනීම තහනම් කර තිබෙනවා.. මෙම තහංචිය වීඩියෝ පටිගත කිරීම් මෙන්ම ඡායාරූප ගැනීම් සඳහාද එකසේ බල පැවැත්වෙනවා.

ක්වීන්ස්ලන්ත නීතියට අනුව ප්‍රසිද්ධ ස්ථානවල මිනිසුන්ගේ දැනුවත්භාවයකින් හෝ කැමැත්තකින් තොරව ඡායාරූපගත කිරීම නීත්‍යානුකූල වුවද, නගර සභාවේ මෙම නව නීති මඟින් අවසරයකින් තොරව අනුන්ව වීඩියෝ කරන පුද්ගලයන් තටාකයෙන් ඉවත් කිරීමට එහි Lifeguardsලාට බලය ලබා දී තිබෙනවා.

 

මහජන ආරක්ෂාව සහ ආරක්ෂක පියවර

බ්‍රිස්බන් නගරාධිපති Adrian Schrinner ප්‍රකාශ කළේ, ස්මාර්ට් කණ්ණාඩි භාවිතයෙන් තමන්ව රහසිගතව වීඩියෝ කරනු ඇතැයි යන කනස්සල්ල පිහිනුම් ක්‍රීඩකයන් අතර ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවයි. විශේෂයෙන්ම Meta Ray-Bans වලට වඩා මිල අඩු Anko ස්මාර්ට් කණ්ණාඩි වෙළඳපොළට පැමිණීමත් සමඟ මෙම බිය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ඔහු පවසනවා..

මෙම තහංචිය ඉදිරි සති කිහිපය තුළ නගර සභාවට අයත් සියලුම පොදු තටාක 21 තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Digital Rights Watch සංවිධානය, මෙම තීරණය අනුමත කරමින්, මෙවැනි ස්මාර්ට් තාක්ෂණයන් භාවිතය සම්බන්ධයෙන් ප්‍රාන්ත සහ ෆෙඩරල් රජයන්ද නීති සම්පාදනය කළ යුතු බව අවධාරණය කර තිබෙනවා.

Queensland Family and Child Commission එක, ළමා අපචාර සහ සූරාකෑම වැළැක්වීම සඳහා මෙවැනි ආරක්ෂක පියවරයන් ඉතා වැදගත් වන බව ප්‍රකාශ කරනවා.

Don't forget to share this post!

Recent Posts