ඕස්ට්‍රේලියාවේ Health Insurance නැති ධනවතුන්ට අලුත් Tax එකක් වදින ලකුණු

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ලබා නොගන්නා ධනවත් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව Medicare Levy Surcharge (MLS) 3% දක්වා ඉහළ නංවන ලෙස Senate මණ්ඩලයට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ‘Private Healthcare Australia’ (PHA) නම් සෞඛ්‍ය අංශයේ ප්‍රධාන ආයතනයක් විසින්.

රජය විසින් වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්ට ලබාදෙන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ (rebates) කප්පාදු කිරීමට සූදානම් වීමත් සමඟ මෙම විවාදය උණුසුම් වී තිබෙනවා.

 

රජයේ අරමුණ

මෙම ප්‍රතිලාභ කප්පාදුව හරහා ඉතිරි කරගන්නා ඩොලර් බිලියන 11 ක මුදල aged care services සඳහා යොදවමින් intergenerational equity එකක් ඇති කිරීමට රජය අපේක්ෂා කරනවා.

 

සෞඛ්‍ය අංශයේ ප්‍රතිචාරය

රජයේ මෙම සැලසුමට එරෙහි වන PHA ආයතනය පවසන්නේ, රක්ෂණ නොමැති ඉහළ ආදායම් ලබන්නන්ගේ බදු ඉහළ නැංවීම මඟින් රජයට අමතර ඩොලර් මිලියන 410 ක ආදායමක් ලබාගත හැකි බවයි. එමෙන්ම, එයින් පුද්ගලයින් 383,000 කට පමණ නැවත රක්ෂණ ආවරණ ලබා ගැනීමට උත්තේජනයක් ලැබෙනු ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

 

වැඩිහිටි අඩු ආදායම්ලාභීන්ට සහනයක්?

රජයේ මුළු ප්‍රතිලාභ කප්පාදුවට විරුද්ධ වන PHA ආයතනය යෝජනා කරන්නේ, තනි පුද්ගලයන් සඳහා ඩොලර් 105,000 ක් සහ යුවළක් සඳහා ඩොලර් 210,000 කට වඩා වැඩි ආදායමක් ලබන වැඩිහිටියන්ට පමණක් මෙම බදු කප්පාදුව සීමා කළ යුතු බවයි.

ඒ හරහා, එම සීමාවන්ට වඩා අඩු ආදායම් ලබන සාමාන්‍ය වැඩිහිටියන්ට තවදුරටත් රක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මීට අමතරව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට වඩා ඉහළ මට්ටමක පවතින පෞද්ගලික රක්ෂණ වෛද්‍ය උපකරණවල මිල ගණන් පාලනය කිරීමටද මෙම සංවිධානය රජයෙන් ඉල්ලා තිබෙනවා.

මෙවැනි ආර්ථික සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් ගැන ඔයා මොකද හිතන්නේ?

Don't forget to share this post!

Recent Posts