ඕස්ට්‍රේලියාවේ Sugary drinks වලට 20% ක බද්දක්? මේ ගැන ඔයා මොකද හිතන්නේ?

ඕස්ට්‍රේලියාවේ Sugary drinks සඳහා 20% ක Sugar Tax එකක් පැනවුවහොත්, ඉදිරි වසර 25 තුළ දත් අමාරු සහ දත් දිරායාමේ සිදුවීම් මිලියන 3.7 ක් වළක්වා ගැනීමට හැකිවන බව අලුත්ම පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

Griffith University එක මඟින් සිදුකරන ලද මෙම අධ්‍යයනයට අනුව, Soft drinks සහ Juices සඳහා මෙම බද්ද පැනවීමෙන් දත් දිරායාම මෙන්ම දත් මුල් දියවීමේ රෝග (Gum disease) 191,000 ක් සහ දත් සම්පූර්ණයෙන්ම ගැලවී යාමේ සිදුවීම් 115,000 ක් වළක්වා ගත හැකියි.

 

පැණි බීමවලට බදු ගැසීමෙන් ලැබෙන ප්‍රධාන වාසි

සෞඛ්‍ය සම්පන්න දිගු ජීවිතයක්: දන්ත සෞඛ්‍යය යහපත් වීම සහ අධික බර නිසා ඇතිවන රෝග අඩුවීම හේතුවෙන් සමස්ත ඕස්ට්‍රේලියානු ජනතාවගේ ආයු කාලයට අතිරේක වසර ප්‍රමාණයක් එකතු වෙනවා..

$1.4 Billion ක අමතර ආදායමක්: මෙම බද්ද මඟින් ඉදිරි වසර දෙක තුළ ඩොලර් බිලියන 1.4 ක මුදලක් රජයට එකතු වන අතර, එම මුදල් නොමිලේ දන්ත වෛද්‍ය සේවා ලබාදීමට යොදාගත හැකියි.

භාවිතය 24% කින් පහළට: බීම වර්ගවල මිල 20% කින් වැඩි වන විට, මිනිසුන් පැණි බීම පානය කිරීම 24% කින් විතර අඩුකරන බව සොයාගෙන තිබෙනවා..

 

ලෝකය සහ ඕස්ට්‍රේලියාවේ පවතින තත්ත්වය

UK නීතිය සාර්ථක වෙයි: 2018 දී එංගලන්තය (UK) පැණි බීම සඳහා බදු පැනවීමත් සමඟ, බීම නිෂ්පාදකයන් විසින් බීමවල අඩංගු සීනි ප්‍රමාණය 46% කින් කපා හැරීමට කටයුතු කළා.

ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ (AMA) සහය: ඕස්ට්‍රේලියාවේද දියවැඩියා රෝගීන් වැඩිවීම පාලනය කිරීමට මෙම 20% Sugar Tax එක වහාම ගෙන ආ යුතු බවට වෛද්‍යවරුන් දැඩි ලෙස බලකර සිටිනවා.

 

බද්දට එරෙහිව නැගෙන චෝදනා:

බීම නිෂ්පාදකයින්ගේ සංගමය (Australian Beverages Council) පවසන්නේ මෙය සාමාන්‍ය ජනතාවගේ බඩට ගහන, ජීවන වියදම තවත් වැඩි කරන අසාධාරණ බද්දක් බවයි.

නමුත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල අයට දරන්න සිදු වෙන බීම මිල වැඩිවුවද, එයින් ලැබෙන විශාලතම සෞඛ්‍ය වාසිය හිමිවන්නේද එම අඩු ආදායම්ලාභී පවුල්වලටම බවයි.

ලෝකයේ රටවල් 116 කට වඩා දැනටමත් පැණි බීම සඳහා මෙම බද්ද ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේද මෙම නීතිය ක්‍රියාත්මක වුවහොත්, පැණි බීම සහ කෑන්වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යයි.

 

මේ බද්ද ගැන ඔය මොකද හිතන්නේ?

Don't forget to share this post!

Recent Posts