ලොව පුරා අතිශය ජනප්‍රිය ගායක Bruno Mars සිය දැවැන්ත ‘The Romantic Tour’ ලෝක ප්‍රසංග මාලාව වෙනුවෙන් 2027 වසර මුලදී ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට පැමිණෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන්, පර්ත් සහ ඕක්ලන්ඩ් හි දැවැන්ත Stadiums ඉලක්ක කරගනිමින් පැවැත්වෙන මෙම ප්‍රසංග සඳහා ඔහු සමඟ විශේෂ ආරාධිත ශිල්පිනියක ලෙස ග්‍රැමී සම්මානලාභී Tyla සහ Silk Sonic collaborator Anderson .Paak (DJ Pee .Wee ලෙස) ද එක්වීමට නියමිතයි.
BRUNO MARS AUSTRALIAN AND NEW ZEALAND TOUR 2027
Saturday, February 13th
Optus Stadium, Perth WA
Friday, February 19th
Marvel Stadium, Melbourne VIC
Saturday, February 20th
Marvel Stadium, Melbourne VIC
Sunday, February 28th
Suncorp Stadium, Brisbane QLD
Thursday, March 4th
Accor Stadium, Sydney NSW
Friday, March 5th
Accor Stadium, Sydney NSW
Saturday, March 13th
Eden Park, Auckland NZ
ටිකට් පත් අලෙවිය ආරම්භ වන දින සහ වේලාවන්
Artist Presale: Wednesday, September 2nd
Auckland / Eden Park: 11am Local
Sydney / Accor Stadium: 12pm Local
Brisbane / Suncorp Stadium: 1pm Local
Melbourne / Marvel Stadium: 2pm Local
Perth / Optus Stadium 2pm Local
General On Sale: Friday, September 4
Auckland / Eden Park: 11am Local
Sydney / Accor Stadium: 12pm Local
Brisbane / Suncorp Stadium: 1pm Local
Melbourne / Marvel Stadium: 2pm Local
Perth / Optus Stadium: 2pm Local
‘The Romantic Tour’ වාර්තාගත සාර්ථකත්වය
Billboard 200 හි පළමු ස්ථානයට පැමිණි ඔහුගේ අලුත්ම album එක වන ‘The Romantic’ ඇල්බමය වෙනුවෙන් පැවැත්වෙන මෙම චාරිකාව, උතුරු ඇමෙරිකාව සහ යුරෝපය පුරා අතිශය සාර්ථක වී තිබෙනවා.
Ticketmaster හරහා එකම දිනයකදී ටිකට් පත් මිලියන 2.1 ක් අලෙවි වී ඇති අතර, ලෝකය පුරා ප්‍රසංග 115 කට වඩා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.. 2022 වසරට පසු Bruno Mars ඕස්ට්‍රේලියාවේ පවත්වන පළමු ප්‍රසංග මාලාව මෙයයි.
ලොව පුරා Bruno Mars ප්‍රසංගවල ටිකට් පත් විනාඩි කිහිපයකින් තුළ Sold Out වන නිසා, ඔයා ඕස්ට්‍රේලියාවේ ප්‍රසංග සඳහා ටිකට් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් Presale දිනයේදීම සූදානම් වෙලා ඉන්න!
Image credit: people.com