ඕස්ට්‍රේලියාවේ ඩොලර් ට්‍රිලියන 4.5 ක අගයක් ගන්නා Superannuation system එකේ Average balance එක ඉතිහාසයේ පළමු වතාවට $183,000 පසුකර තිබෙනවා.
Association of Superannuation Funds of Australia (ASFA) හි අලුත්ම දත්තවලට අනුව, වයස අවුරුදු 15 ට වැඩි පිරිමින්ගේ සාමාන්‍ය Super balance එක $202,644 ක් වන අතර කාන්තාවන්ගේ එය $164,206 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විශ්‍රාම යාමට ආසන්න (වයස අවුරුදු 60 – 64 අතර) පිරිමියෙකුගේ සාමාන්‍ය Super එක $413,700 ක් වන අතර කාන්තාවකගේ එය $327,440 ක්.
වයස අනුව Comfortable Retirement එකකට තිබිය යුතු මුදල
වයස අවුරුදු 67 දී තමන්ගේම කියා ගෙයක් හිමි අයෙකුට සුවපහසු ලෙස විශ්‍රාම දිවිය ගතකිරීමට, තනි පුද්ගලයෙකු නම් $630,000 ක්ද, අඹුසැමි යුවලක් නම් එකතුව $730,000 ක්ද Super එකේ තිබිය යුතුයි.
එම ඉලක්කයට යාමට ඔබේ වයස අනුව දැනට තිබිය යුතු Super ප්‍රමාණය මෙන්න;
වයස 30 දී: $70,500
වයස 40 දී: $178,000
වයස 50 දී: $313,500
වයස 60 දී: $496,500
Super system එක ගැන ඕස්ට්‍රේලියාවේ ඇවිලෙන දේශපාලන ගින්න
ඉදිරි මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් බවට Superannuation system එක පත්වී තිබෙනවා.
Early Access: Pauline Hanson (One Nation) සහ Andrew Bragg (Liberal) වැනි දේශපාලනඥයන් පවසන්නේ පවතින නිවාස සහ ජීවන වියදම් අර්බුදයට සහනයක් ලෙස ජනතාවට තමන්ගේ Super මුදල් කලින් ලබාගැනීමට ඉඩදිය යුතු බවයි.
රජයේ සහ ASFA හි දැඩි විරෝධය: රජයේ භාණ්ඩාගාරික Jim Chalmers සහ ASFA ප්‍රධානී Mary Delahunty පවසන්නේ Super කියන්නේ නිවාස අර්බුද විසඳන්න තියෙන මුදලක් නොවන බවයි. Super එකෙන් කලින් මුදල් ඇදීමෙන් විශ්‍රාම ගිය පසු නැවතත් Centrelink Age Pension එක මත යැපීමට සිදුවන බව ඔවුන් පෙන්වා දෙනවා.
Age Pension එකේ වෙනස්කම්
දැනට තනි පුද්ගලයෙකුට ලැබෙන උපරිම Age Pension එක සතියකට ඩොලර් 600 ක්. ($1,200.90 per fortnight).
සැප්තැම්බර් 20 සිට දීමනා ඉහළ යන අතර, තනි පුද්ගල Pension එක සතියකට ඩොලර් 618.85 ($1,237.70 per fortnight) දක්වා වැඩි වෙනවා.
ASFA ගණන් හැදීමට අනුව සුවපහසු ලෙස ජීවත්වීමට සතියකට ඩොලර් 1,071 ක් ($55,923 per year) අවශ්‍යයි.
2012 දී 70% ක්ව පැවති Age Pension එක මත යැපෙන පිරිස දැනට 56% දක්වා අඩුවී තිබෙනවා.. Superannuation මුදල් දීර්ඝ කාලයක් compounding interest සමඟ එකතු වීමට ඉඩහැරීමෙන් විශ්‍රාම කාලයේදී වඩාත් යහපත් ජීවිතයක් ගතකළ හැකියි.