කාර්යබහුල දවස්වලට ටින් කළ Tuna කියන්නේ ඉතාම ලෙහෙසියෙන්, අඩු මුදලකින් ලබාගන්න පුළුවන් ප්‍රෝටීන් සහිත පෝෂණීය ආහාරයක්.
නමුත් නිතරම ටූනා මාළු ආහාරයට ගන්නා විට හෝ දරුවන්ට දිනපතා ටූනා සැන්ඩ්විච් ලබාදෙන විට, එහි අඩංගු රසදිය (Mercury) ප්‍රමාණය සෞඛ්‍යයට අහිතකර වේවිදැයි බොහෝ දෙනෙකුට සැකයක් ඇති වෙනවා. Food Standards Australia New Zealand (FSANZ) සහ නවතම පර්යේෂණ දත්ත ඇසුරෙන් ඒ පිළිබඳ කළ සොයාබැලීමක් තමයි අපි අද අරගෙන ආවේ.
ටූනා මාළුවල රසදිය (Mercury) අඩංගු වන්නේ ඇයි?
රසදිය යනු ස්වාභාවික පරිසරයේ සහ මුහුදු ජලයේ පවතින මූලද්‍රව්‍යයක්. ජලයේ සිටින බැක්ටීරියා මඟින් මෙය ‘Methylmercury’ බවට පත්කරන අතර මාළුන් විසින් එය ශරීරයට උරා ගන්නවා.
විශාල මාළුන්ගේ රසදිය වැඩියි. කුඩා මාළුන් ආහාරයට ගන්නා ලොකු මාළුන් (උදා: shark/flake, swordfish, marlin) වැඩි කාලයක් ජීවත් වන නිසා උන්ගේ ශරීර තුළ රසදිය තැන්පත් වීම වැඩියි.
ටින් කළ ටූනා වෙනස් වන්නේ ඇයි? ඕස්ට්‍රේලියාවේ ටින් කිරීමට යොදාගන්නේ Skipjack සහ Yellowfin වැනි කුඩා ටූනා වර්ගයි. විශාල ටූනා මාළුවලට වඩා මොවුන් කුඩා බැවින් ටින් කළ ටූනා හි රසදිය මට්ටම ඉතා පහළ අගයක පවතිනවා.
සතියකට ටූනා ටින් කීයක් කෑවාට ප්‍රශ්නයක් නැද්ද?
පර්යේෂණවලට අනුව 95g ප්‍රමාණයේ කුඩා ටූනා ටින් එකක අඩංගු වන්නේ රසදිය 13µg (Micrograms) වැනි ඉතා කුඩා ප්‍රමාණයක්.
වැඩිහිටියන්ට (70kg බර අයෙකුට), සතියට ටූනා ටින් එකක් කෑවොත් ශරීරයට එකතු වන්නේ ආරක්ෂිත සීමාවෙන් 6% කටත් වඩා අඩු රසදිය ප්‍රමාණයක්.. දිනපතා එක බැගින් සතියට ටින් 7 ක් කෑවත් එය ආරක්ෂිත සීමාවෙන් 40% ක් පමණයි.
අවුරුදු 4 ක පමණ කුඩා දරුවන්ට (20kg බර), සතියකට ටූනා ටින් 2-3 ක් ලබාදීමෙන් කිසිදු සෞඛ්‍ය අවදානමක් ඇති වෙන්නේ නැහැ.
ගර්භණී සමයේදී ලබාගත හැකි රසදිය සීමාව අඩකින් අඩුවන නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා යම් පාලනයක් ඇතිව ආහාරයට ගැනීම සුදුසුයි.
දිනපතා එකම ප්‍රෝටීන් එක ගැනීම සුදුසුද?
ටූනා මාළුවලින් Omega-3 සහ Iodine ලැබුණද, දිනපතා එකම ආහාරය ගැනීම සුදුසු නැහැ. ඒ රසදිය වලට තිබෙන බිය නිසා නෙවෙයි, සිරුරට අවශ්‍ය සියලුම පෝෂක කොටස් එකම ආහාරයකින් නොලැබෙන නිසා.
ඒ නිසා ටූනා වලට අමතරව බිත්තර (Choline), පරිප්පු/ඇට වර්ග (Fibre & Plant protein), lean meats (Iron & B12), tofu සහ Nuts වර්ග ආහාරයට එකතු කරගැනීම වඩාත් සුදුසුයි.
ටින් කළ ටූනා කියන්නේ සෞඛ්‍යයට අහිතකර ආහාරයක් නෙවෙයි. සාමාන්‍යයෙන් සතියට දවස් කිහිපයක් හෝ දිනපතා වුවද ටූනා ආහාරයට ගැනීමෙන් රසදිය විෂවීමක් (Mercury poisoning) සිදු වන්නේ නැහැ.. හොඳම දේ වන්නේ ටූනා සමඟින් වෙනත් ප්‍රෝටීන් බහුල ආහාරද සමබරව වේලට එකතු කරගැනීමයි.
Image credit: www.theage.com.au