ඕස්ට්‍රේලියාවේ අලුත් Skilled Migration නීති යටතේ පහසුවෙන් visa ලැබෙන fields මෙන්න! Construction, Healthcare, Agriculture, Teaching සඳහා වැඩි අවස්ථාවක්!

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke විසින් National Press Club එකේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, මෙරට Skilled Migration නීතිරීතිවල විශාල වෙනසක් සිදුකර තිබෙනවා. ඒ අනුව construction, healthcare, agriculture and teaching සඳහා වීසා නිකුත් කිරීම වේගවත් කිරීමට පියවර ගෙන තියෙනවා.

අද අපි කතා කරන්නේ මෙම අලුත්ම තීරණය නිසා ඕස්ට්‍රේලියාවේ රැකියා සහ වීසා බලපත්‍ර සඳහා අයදුම් කරන අයට බලපාන ප්‍රධාන කරුණු ගැනයි..

 

Priority List එකට අලුත් ක්ෂේත්‍ර එකතු වෙයි

Ministerial Direction 119 යටතේ Home Affairs දෙපාර්තමේන්තුව විසින් වීසා අයදුම්පත් සලකා බලන ප්‍රමුඛතා ලැයිස්තුව තවත් පුළුල් කර තිබෙනවා.

ප්‍රමුඛතාව හිමිවන වෘත්තීන්: Law enforcement සහ ආරක්ෂක ක්ෂේත්‍රයට (Defence) අමතරව දැන් Construction, Healthcare, Teaching, Agriculture සහ Fisheries යන ක්ෂේත්‍රවලට ඉහළම ප්‍රමුඛතාව හිමි වෙනවා.

Points-test: Housing trade qualifications සඳහා University degree එකකට සමාන ලකුණු ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කර තියෙනවා.

 

අනිත් ක්ෂේත්‍රවල අයට වීසා ප්‍රමාද වෙයිද?

ඉහත සඳහන් කළ ප්‍රමුඛතා ක්ෂේත්‍රවලට ඉක්මනින් වීසා ලැබුණත්, එම ලැයිස්තුවට ඇතුළත් නැති අනිත් ක්ෂේත්‍රවල අයගේ වීසා අයදුම්පත් සලකා බැලීම තවත් ප්‍රමාද විය හැකි බව විදේශ migration lawyers ලා පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම Subclass 482 (Temporary Skilled) වීසා ඔස්සේ විධායක මට්ටමේ නිලධාරීන් සහ වෙනත් ක්ෂේත්‍රවල සේවකයින් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන ආයතනවලට මේ නිසා යම් කාලසීමාවක් බලා සිටීමට සිදුවිය හැකියි.

 

Backpackers සහ Working Holiday Visa සඳහා සීමා

දෙවන වසර සඳහා වන Working Holiday වීසා සීමා කර ඇති අතර, තෙවන වසර සඳහා වන වීසා ක්‍රමය Ballot system ක්‍රමයකට මාරු කර තිබෙනවා.

මෙම සීමාකිරීම් නිසා ඉදිරි උත්සව සමයේදී අස්වැන්න නෙලීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් සේවකයින් සොයාගැනීමට නොහැකි වනු ඇතැයි National Farmers’ Federation එක අනතුරු අඟවනවා.

එක්සත් රාජධානිය සමඟ ඇති නිදහස් වෙළඳ ගිවිසුම නිසා UK Backpackers ලාගේ සංඛ්‍යාව 80,000 කට ආසන්න වී ඇති අතර, ඔවුන් සඳහා මේ නීති අදාළ වෙන්නේ නැහැ.

 

Migration Agents ලාගේ Code of Conduct තද වෙයි

සුදුසුකම් නැති අයදුම්කරුවන් ලවා වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් වීසා අයදුම්පත් යොමු කරන හොර Migration Agents ලාගේ ලියාපදිංචිය අහෝසි කිරීමට සහ ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඉතින් ඔබ Construction, Healthcare, Teaching හෝ Agriculture ක්ෂේත්‍රවල වෘත්තිකයෙක් නම්, ඕස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කිරීමට දැනට තියෙන්නේ ඉතාමත් හොඳ අවස්ථාවක්! Registered Migration Agent කෙනෙක් හරහා ඒ ගැන සොයා බලන්න.

Don't forget to share this post!

Recent Posts