ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට Export Business එකක් පටන් ගන්න අවශ්‍ය ගොඩක් දේවල් අපි කලින් articles වලින් කිව්වා.
අද article එකෙන් අපි කතා කරන්නේ හරි export market එකක් තෝරාගන්න වැදගත් වෙන tips ටිකක් ගැන.
අපනයන ක්ෂේත්රයට පිවිසීමේදී අහම්බෙන් ලැබෙන අවස්ථාවන් මත පමණක් තීරණ නොගෙන, ක්රමානුකූල සහ Strategic Approach එකක් අනුගමනය කිරීම සාර්ථකත්වයට අත්‍යවශ්‍ය දෙයක්. Austrade (Australian Trade and Investment Commission) මඟින් ඉදිරිපත් කරන මෙම පියවර ඔස්සේ ඔබේ නිෂ්පාදන හෝ සේවාවන් සඳහා වඩාත්ම සුදුසු අපනයන වෙළෙඳපොළ තෝරාගන්න පුළුවන්.
1 . වෙළෙඳපොළ පර්යේෂණ සිදුකිරීම (Market Research)
ඔබේ නිෂ්පාදනයට ඇති ඉල්ලුම, තරගකාරීත්වය සහ market size එක හඳුනාගැනීමට පර්යේෂණ පැවැත්වීම වැදගත්. ඒ සඳහා භාවිත කරන්න පුළුවන් Free Tools කිහිපයක්;
ITC Export Potential Map & Trade Map: වැඩිම ඉල්ලුමක් සහ අනාගත හැකියාවක් ඇති රටවල් සහ ආනයන/අපනයන දත්ත සොයාගැනීමට.
DFAT FTA Portal: විවිධ රටවල් අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් (Free Trade Agreements) සහ බදු සහන (Tariffs) පිළිබඳ දැනගැනීමට.
Austrade Economic Analysis & Country Briefs: අදාළ රටවල ආර්ථික, දේශපාලන සහ වෙළෙඳ පසුබිම තේරුම් ගැනීමට.
2 . වෙළෙඳපොළ ප්‍රවේශය පරීක්ෂා කිරීම (Check Market Access)
යම් රටක ඔබේ භාණ්ඩයට ඉහළ ඉල්ලුමක් තිබුණද, නෛතික හෝ නියාමන බාධා තියෙන්න පුළුවන්.
ඔබ අපනයන ක්ෂේත්රයට අලුත් කෙනෙක් නම්, ප්‍රථමයෙන් පහසුවෙන් ප්‍රවේශ විය හැකි වෙළෙඳපොළක් තෝරාගෙන පූර්ව පළපුරුද්ද ලබාගැනීම වඩාත් හොඳයි.
3 . Competitor Analysis
අදාළ වෙළෙඳපොළේ දැනට සිටින තරගකරුවන්ගේ strengths සහ weaknesses වලට වඩා වෙනස්, Competitive Advantage එකක් නිර්මාණය කරගැනීමට මෙය උපකාරී වෙනවා..
4 . Customer Demographics
අදාළ රටේ පාරිභෝගිකයින්ගේ වයස, ආදායම් මට්ටම, ස්ත්‍රී/පුරුෂ භාවය සහ මිලදී ගැනීමේ රටාවන් අධ්‍යයනය කරන්න.
ඔබේ නිෂ්පාදනයට හෝ සේවාවට නියමිත මිලක් නියම කිරීමට ඔවුන්ගේ ආදායම් මට්ටම නැතහොත් “මිලදී ගැනීමේ හැකියාව” (Affordability) පරීක්ෂා කිරීම අනිවාර්යයි.
5 . සෘජු පර්යේෂණ පැවැත්වීම (Primary Research)
අන්තර්ජාලය ඔස්සේ කරන පර්යේෂණවලට අමතරව;
අදාළ රටවල පාරිභෝගිකයින්ගේ හැසිරීම් ගැන තේරුම්ගන්න සහ Importersලා හමු වී සාකච්ඡා කරන්න අදාළ රටේ සංචාරයක නිරත වෙන්නත් පුළුවන්..
දැනටමත් එම වෙළෙඳපොළේ නිරත අනෙකුත් අපනයනකරුවන්ගෙන් අත්දැකීම් ගැන අහලා දැනගන්නත් පුළුවන්..
6 . Responsible Business Standards
ජාත්‍යන්තර වෙළෙඳාමේදී OECD Guidelines වලට අනුකූලව මානව හිමිකම් සුරැකීම, අල්ලස් හා දූෂණයෙන් තොර වීම සහ Modern Slavery වලට එරෙහිව කටයුතු කිරීමත් අනිවාර්යයි.
ඕනෑම අපනයන කටයුත්තකට පෙර ඔබේ සැපයුම්කරුවන් සහ නියෝජිතයින් මෙම ප්‍රමිතීන්ට අනුකූලදැයි තහවුරු කරගත යුතුයි.
අපනයනය ආරම්භ කිරීමට පෙර Go Global Toolkit වැනි නිල මාර්ගෝපදේශ භාවිත කරමින් අල්ලස් හා දූෂණවලින් ඔබේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්නා ආකාරය පිළිබඳ දැනුවත් වන්න!