මේ සෙනසුරාදා පැවැත්වෙන 2026 AFL Grand Final එක වෙනුවෙන් දහස් ගණන් Footy fansලා Melbourne නගරයට රැස්වෙමින් සිටිනවා. මෙවර අවසන් තරඟය පැවැත්වෙන්නේ Brisbane Lions සහ Fremantle Dockers කණ්ඩායම් අතරයි. Brisbane කණ්ඩායම පිට පිට 3 වන වරටත් ශූරතාව දිනා ගැනීමට බලාපොරොත්තු වන අතර, Fremantle කණ්ඩායම උත්සාහ කරන්නේ ඔවුන්ගේ පළමු AFL ශූරතාව දිනා ගැනීමටයි.
තරඟයට සූදානම් වන ඔබට දැනගැනීමට අවශ්‍ය වැදගත්ම තොරතුරු මෙන්න
Match එක තියෙන්නේ කීයටද?
සෙනසුරාදා පස්වරු 2:30 ට (AEST) MCG (Melbourne Cricket Ground) ක්‍රීඩාංගණයේදී first siren එක නිකුත් වෙනවා.
තරඟය Channel 7 ඔස්සේ සජීවීව විකාශය කෙරෙනවා. grand final brunch (9am AEST) එකේ සිට Coverage එක ආරම්භ වෙනවා.
ACT, NSW, Queensland, Tasmania, Victoria – 2.30pm local time
South Australia, Northern Territory – 2pm ACST
Western Australia – 12.30pm AWST
Brisbane කණ්ඩායම ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් ඇති බව පැවසුණත්, ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩක dual Brownlow medallist, Lachie Neale හට තහනමක් නිසා මෙවර තරගය අහිමි වී තිබෙනවා.
Entertainment
Pre-game Show: සුප්‍රකට ගායිකා Kylie Minogue සහ G Flip පස්වරු 1:00 සිට සජීවීව ගීත ගායනා කරනවා.
Grand Final Parade: සිකුරාදා උදෑසන The Wiggles කණ්ඩායම සමඟින් Brisbane සහ Fremantle ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සහභාගී වන විශේෂ පෙළපාලිය Melbourne Park සිට MCG දක්වා ගමන් කිරීමට නියමිතයි.
කාලගුණය කොහොමද?
සෙනසුරාදා උදෑසන සහ පස්වරුවේ වැසි සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 10-15 (Low teens) මට්ටමේ පවතිනු ඇතැයි අනුමාන කෙරෙනවා.
වැස්ස ඉතා තදින් නොලැබුණත් (2-5mm පමණ), තණකොළ සහ පන්දුව ලිස්සන සුළු වීමට ඉඩ තියෙනවා. ඒ නිසා තරගය බලන්න යන අය වැස්සට rain jackets සූදානම් කරගෙන යාම නුවණට හුරුයි.
Public Transport සහ ගමනාගමනය
MCG ක්‍රීඩාංගණය අසල Public Parking පහසුකම් නොමැති නිසා, රථවාහන ගෙන ඒමෙන් වළකින ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.
Free Trams: Melbourne Tram lines 48, 70, සහ 75 සඳහා Free Tram Zone එක MCG දක්වා දීර්ඝ කර තිබෙනවා.
තරගයට පැමිණෙන 100,000 ක පිරිස වෙනුවෙන් අමතර Trams 184 ක් සහ Train services 38 ක් යොදවා තියෙනවා.
Flights
Perth සහ Brisbane සිට පැමිණෙන ලෝලීන් වෙනුවෙන් Qantas, Jetstar සහ Virgin Australia අමතර ගුවන් වාර යොදවා තිබුණත්, ගුවන් ටිකට්පත් ගාස්තු ඉතා ඉහළ අගයක පවතිනවා.
Perth සිට Melbourne දක්වා two-way ticket එකක් $1,300 කට වඩා වැඩි වෙනවා.
Brisbane සිට පැමිණෙන අයට $1,000 කට ආසන්න මුදලක් වැය වෙනවා.
ආරක්ෂාව සහ නීතිය
පසුගිය සතියේ සිදුවූ නොසන්සුන්කාරී සිදුවීම් නිසා, නීතිය කඩකරන හෝ බාධා පමුණුවන පිරිස්වලට එරෙහිව Strict Zero-Tolerance Policy එකක් ක්‍රියාත්මක වන බව Victorian Police සහ AFL නිවේදනය කර තිබෙනවා.
මේ පාර ඔයා support කරන්නේ මොන team එකටද කියලා comment කරගෙන යන්න.
Image credit: www.theaflstore.com.au