ෆෙඩරල් අයවැයෙන් හඳුන්වා දුන් නව බදු ප්‍රතිසංස්කරණ නිසා එරට ආයෝජකයෝ ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් තමන්ගේ ඉදිරි ආයෝජන සැලසුම් පවා අතහැර දමන්න පටන් අරන් කියලයි අලුත්ම සමීක්ෂණයකින් හෙළි වෙන්නේ.
මේ බදු සංශෝධන භාණ්ඩාගාරික Jim Chalmers විසින් හඳුන්වා දුන්නේ පළමු නිවාස හිමියන්ට සහ අඩු ආදායම්ලාභීන්ට සහන දෙන්න වුණත්, ඇත්තටම මෙයින් වැඩිපුරම පීඩනයට පත්වෙන්නේ සහන ලැබෙන්න අවශ්‍ය සාමාන්‍ය ජනතාව සහ දරුවන් ඉන්න පවුල් බව හඳුනාගෙන තියෙනවා.

“Global X” ආයතනය විසින් ආයෝජකයින් 1,500 ක් යොදාගෙන කරපු මේ සමීක්ෂණයෙන් කරුණු කිහිපයක්ම ඉදිරිපත් කරනවා.පවුල් පිටින් ආයෝජනවලින් ඉවත් වෙන බව, අයවැය යෝජනාවලින් පස්සේ නිවසේ දරුවන් ඉන්න පවුල් අනික් ඕනෑම කාණ්ඩයකට වඩා වැඩිපුර තමන්ගේ ආයෝජන සීමා කරන්න නැත්නම් අතහරින්න පෙළඹිලා තියෙනවා.
මෙහි ඇති බදු ක්‍රමය සංකීර්ණ වීම නිසා Negative Gearing සීමා කිරීම සහ Capital Gains Tax (ප්‍රාග්ධන ලාභ බදු) වෙනස් කිරීම නිසා මුළු බදු ක්‍රමයම අනවශ්‍ය විදිහට සංකීර්ණ තත්වයකට පත්වෙලා තියෙනවා.මේ ගැන අදහස් දක්වමින් Global X ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Alex Zaika පවසන්නේ අයවැයට කලින් තිබුණ Gains Tax ක්‍රමය වඩාත් පැහැදිලියි එකක් කියලයි.

ඔහු පවසන්නේ “අයවැයට කලින් තමන්ගේ මුළු ලාභයෙන් අඩකටද නැත්නම් මුළු ලාභයටමද බදු ගෙවන්න ඕන කියන එක ජනතාවට හරිම පැහැදිලිව තේරුණා. නමුත් නව වෙනස්කම් එක්ක දැන් අයට Indexation ගැනත් හිතන්න වෙලා තියෙනවා. මේ ප්‍රතිපත්තිමය වෙනස්කම් නිසා මුළු පද්ධතියම අනවශ්‍ය විදිහට පැටලිලි සහගත වෙලා.” ඇති බවට ඔහු පවසනවා.