ඕස්ට්‍රේලියාවේ ජනතාව දැන් සීඝ්‍රයෙන් EV වෙත යොමු වෙමින් සිටිනවා. දැනට ඕස්ට්‍රේලියාව පුරා battery electric සහ plug-in hybrid vehicles 650,000 ක් පමණ ධාවනය වෙනවා. මෑතකදී ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක, දෛනික ධාවන වියදම අඩු කරගන්න ගොඩක් අය EV වලට මාරු වුණත්, මේවායේ ඇත්තම Servicing and Repairs වියදම කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙක්ට ප්‍රශ්න තියෙනවා.
EV එකක් නඩත්තු කිරීමේදී ඔබ දැනගත යුතු සියලුම තොරතුරු මෙන්න
EV වලටත් Service එකක් අවශ්‍යද?
ඔව්, ඕනෑම වාහනයක් වගේම EV එකක් ආරක්ෂිතව ධාවනය කරන්න අවුරුද්දකට වරක් Professional Servicing එකක් අවශ්‍ය වෙනවා.
හැබැයි සාමාන්‍ය පෙට්‍රල් හෝ ඩීසල් වාහනයකට වඩා EV එකක නඩත්තුව ගොඩක් සරලයි. පෙට්‍රල් වාහනයක Moving parts 2,000 කට වඩා තියෙන අතර EV එකක තියෙන්නේ කොටස් 20 ක් විතරයි. ඒ නිසා Engine oil මාරු කිරීම්, Spark plugs, Fuel filters හෝ Exhaust system වැනි දේවල් EV වලට අවශ්‍ය වෙන්නේ නැහැ.
වැඩිපුරම නඩත්තු කරන්න ඕන කොටස් මොනවාද?
EV එකක වැඩිපුරම සේවාවන් අවශ්‍ය කොටස් වෙන්නේ;
Tyres, Steering සහ Suspension Systems: EV වාහනයක බැටරිය නිසා සාමාන්‍ය වාහනයකට වඩා බරින් වැඩියි. සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 400 ක් විතර වැඩියි. ඒ නිසා Suspension එකට සහ ටයර් වලට යන බර වැඩියි. EV සඳහාම විශේෂයෙන් සකස් කළ Heavy Construction ටයර් භාවිත කරන්නේ ඒ නිසයි.
Battery Filters: බැටරිය කූල් කරන්න යන හුළං පිරිසිදු කරන Filter එක මාරු කිරීමට සිදු වෙනවා.
Brakes, Cabin filters, Battery health checks, Fluid changes (Brake fluid, Transmission fluid) සහ Software updates.
නඩත්තු වියදම කොච්චර අඩු වෙනවද?
New South Wales (NSW) රජයේ දත්තවලට අනුව, සාමාන්‍ය පෙට්‍රල්/ඩීසල් වාහනයකට වඩා EV එකක සර්විස් වියදම 40% කින් විතර අඩුයි.
Electric Vehicle Council (EVC) වාර්තාවලට අනුව, ඉන්ධන වෙනුවට Charge කිරීමට යන පිරිවැය අඩු වීම සහ නඩත්තු වියදම් අඩු වීම නිසා EV එකකින් අවුරුද්දකට ඩොලර් 3,000 ක් විතර ඉතිරි කරගන්න පුළුවන්.
පෙට්‍රල් ලීටරයක් ඩොලර් 2 ක් වන විට, පෙට්‍රල් වාහනයකින් කිලෝමීටර් 100 ක් යන්න ඩොලර් 22.20 ක් වැය වෙනවා.
හැබැයි EV එකක් දහවල කාලයේ Charge කර ගත්තොත් කිලෝමීටර් 100 ක් යන්න යන්නේ ඩොලර් 1.20 ක් වගේ පුංචි මුදලක්. ඒක Peak hours වලදී ඩොලර් 5.90 ක් විතර.
EV ගැන තියෙන මිත්‍යාවන් සහ ඇත්ත තත්ත්වය
“EV වල Oil මාරු කරන්න ඕන නැහැ”
engine oil නැති වුණාට ගොඩක් EV වල Reduction Gearbox එකට oil යොදනවා. ඒ වගේම Brake fluid අවුරුදු 2-3 කට වරක් මාරු කරන්න සිදු වෙනවා.
“බැටරිය ඉක්මනින් නරක් වෙනවා”
මෙය සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. TAFE NSW දත්තවලට අනුව EV බැටරි ඉතා විශ්වාසදායකයි. අවුරුදු 5-6 ක් පාවිච්චි කළත් බැටරියේ තත්ත්වය (State of Health) පහත වැටෙන්නේ 4%-5% ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකින්.
ඕස්ට්‍රේලියාවේ EV Technicians ලා ප්‍රමාණවත්ද?
දැනට ඕස්ට්‍රේලියාවේ EV සඳහා විශේෂිත Technicians ලාගේ හිඟයක් පවතිනවා. හැබැයි 2028 වන විට 8,400 දක්වාත්, 2030 වන විට 13,000 දක්වාත් EV Technicians ලා ප්‍රමාණය වැඩි කිරීමට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.
ඔබ EV එකක් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා නම්, ඔබේ නිවසේ Solar panels තියෙනවා නම් දහවල් කාලයේදී Charge කරගැනීමෙන් ධාවන වියදම උපරිමයෙන්ම අඩු කරගන්න පුළුවන්.