මේ Services ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා Consulate General කාර්යාලයෙන් ලබාගන්න පුළුවන් කියලා දන්නවද?

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය (Melbourne) මඟින් ලියකියවිලි Attest, Certify සහ Translate කරගන්නා ආකාරය ගැන තමයි අද අපි කතා කරන්නේ.

ලබාගත හැකි සේවාවන්

  1. Attestation of Power of Attorney / Sworn Affidavit
  2. Attestation of Affidavits
  3. Attestation of documents issued by the Australian Government Authorities
  4. Attestation of documents through Electronic Document Attestation System (E-DAS) of Sri Lanka Foreign Ministry – from Melbourne
  5. Attestation of documents through Electronic Document Attestation System (E-DAS) of Sri Lanka Foreign Ministry – from Colombo
  6. Certification of Life Certificates for Sri Lankan Pensioners living abroad
  7. Certification of documents for Bank Account Transfers
  8. Certification of signatures & biometrics on EPF/ETF documents
  9. Certification of documents for leave extension of Sri Lankan government employees
  10. Certification of signatures on letters addressed to institutions in Sri Lanka
  11. Translation of Sri Lankan Birth Certificates/Marriage Certificates

 

ඉල්ලුම් කරන්නේ කොහොමද?

ශ්‍රී ලාංකික හෝ Dual Citizenship ඇති අය සඳහා:

Life Certificates හැර අනෙකුත් සියලුම සේවාවන් සඳහා slcgmel.org වෙබ් අඩවිය හරහා Appointment එකක් වෙන් කරවාගෙන කාර්යාලයට පැමිණිය යුතුයි.

Life Certificates සඳහා Appointment දාන්න ඕනේ නැහැ. ඕනෑම වැඩකරන දිනයක උදෑසන 9.15 – 9.30 අතර හෝ පස්වරු 1.30 – 1.45 අතර කාලය තුළ කාර්යාලයට යන්න පුළුවන්.

අවශ්‍ය ලියකියවිලි භාරදෙන අවස්ථාවේදී ඔබේ ශ්‍රී ලාංකික පෞරවැසිභාවය තහවුරු කළ යුතුයි.

 

ශ්‍රී ලාංකික නොවන පෞරවැසියන් සඳහා:

slcgmel.org හරහා Appointment එකක් දමාගෙන පැමිණ ලියකියවිලි (උදා: Leave Extension) භාරදිය හැකියි.

තැපෑලෙන් (Via Post) යොමු කරනවා නම්, ඊට පෙර Australian Passport Office (APO – Level 2, Collins Square, 747 Collins Street, Docklands) මඟින් ලියකියවිලි වල Authentication එක ලබාගෙන තිබීම අනිවාර්යයි.

 

South Australia හි වෙසෙන්නන් සඳහා

ඔබ South Australia හි සිටී නම්, Adelaide හි පිහිටි ශ්‍රී ලංකා Hon. Consul හරහා ලියකියවිලි සහතික කරගෙන Melbourne කොන්සල් කාර්යාලයට තැපෑලෙන් යොමු කළ හැකියි.

 

ලියකියවිලි භාරදීමට යාමට පෙර slcgmel.org වෙබ් අඩවියෙන් පූර්ව වේලාවක් වෙන්කරවා ගැනීමට අමතක කරන්න එපා.

වඩාත් නිවැරදි හා යාවත්කාලීන කල තොරතුරු දැනගන්න ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සම්බන්ධ කරගන්න.

 

Image credit: www.ausnewslanka.au

Don't forget to share this post!

Recent Posts