5% deposit එකකින් ගෙයක් ගමුද? ඕස්ට්‍රේලියාවේ House Loan එකක් Approve කරන්න බැංකු බලන ප්‍රධාන දේවල් 4

ඔයා ඕස්ට්‍රේලියාවේ පළමු නිවස හෝ ඊළඟ නිවස මිලදී ගන්න ලෑස්ති වෙනවා නම්, ඒකට Deposit එකක් එකතු කරගන්න සැලසුම් කරන හැටි සහ ඒ ගැන දැනගන්නම ඕන කරුණු කිහිපයක් ගැන තමයි අද අපි කියන්නේ.

 

Deposit Goal එක ගණනය කරන්නේ කොහොමද?

ඔයාට එකතු කරන්න ඕන Deposit මුදල ගණනය කරගන්න මෙන්න මේ සරල ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්:

[නිවසේ වටිනාකම] + [අමතර වියදම් (Stamp Duty / Legal Fees)] – [ඔයාට ගන්න පුළුවන් Loan එක (Borrowing Power)] = [ඔයාගේ Deposit Goal එක]

 

Deposit එක ලොකු වෙන තරමට තියෙන වාසි මොනවාද?

Loan එකට යන පොලී වියදම් (Interest Costs) අඩු වෙනවා.

Lenders Mortgage Insurance (LMI) වැනි අමතර ගාස්තු ගෙවීමෙන් බේරෙන්න පුළුවන්.

මාසිකව මුදල් ඉතිරි කරන්න පුළුවන් කියන මූල්‍ය විනය (Savings History) බැංකුවලට පෙනෙන නිසා Loan එක Approve කරගන්න ලේසි වෙනවා.

 

LVR සහ LMI කියන්නේ මොකක්ද?

LVR (Loan to Value Ratio): නිවසේ මුළු වටිනාකමෙන් ඔයා Loan එකක් විදියට ගන්න ප්‍රතිශතය. උදාහරණයක් විදියට $600,000 ක නිවසකට $450,000 ක් Loan ගත්තොත් LVR එක 75% ක් වෙනවා.

LMI (Lenders Mortgage Insurance): ඔයාගේ Deposit එක නිවසේ වටිනාකමෙන් 20% කට වඩා අඩු නම් (LVR එක 80% ට වැඩි නම්), මේ LMI කියන Insurance එක ගෙවන්න සිද්ධ වෙනවා. මේකෙන් ආරක්ෂාව ලැබෙන්නේ ඔයාට නෙවෙයි, ඔයා Loan එක නොගෙවා හිටියොත් බැංකුවට වෙන පාඩුව වසාගන්නයි.

 

Deposit එක ඉක්මනින් එකතු කරගන්න පුළුවන් ක්‍රම

High-Interest Savings Account: අවදානමක් නැතුව අමතර පොලියකුත් එක්ක Deposit එකට මුදල් එකතු කරගන්න හොඳම විදියක්.

First Home Super Saver Scheme (FHSSS): ඕස්ට්‍රේලියානු රජයේ මේ ක්‍රමය හරහා ඔයාගේ Superannuation ගිණුම ඔස්සේ අඩු Tax සහනයක් එක්ක Deposit එකට මුදල් ඉතිරි කරන්න පුළුවන්. වසරකට $15,000 බැගින් උපරිම $50,000 දක්වා එකතු කරන්න පුළුවන්.

Government Schemes & Guarantor: රජයේ සහන ක්‍රම (Government Grants) හෝ පවුලේ අයෙකුගේ Guarantor එක හරහා 5% වගේ පොඩි Deposit එකකින් වුණත් නිවසක් මිලදී ගන්න අවස්ථාව තියෙනවා.

 

Loan එකක් Approve වෙද්දී බැංකු බලන ප්‍රධාන දේවල්

  • Savings History: නිතිපතා මුදල් ඉතිරි කරලා තියෙන විදිය.
  • Credit Report: කලින් ගත්ත Loans සහ Bills නියමිත වෙලාවට ගෙවලා තියෙනවාද කියන එක.
  • Income & Expenses: මාසික ආදායම සහ එදිනෙදා වියදම් පාලනය කරන විදිය.
  • Employment: ස්ථාවර රැකියාවක් කරනවාද කියන එක.

 

ඔයා නිවසක් මිලදී ගන්න plan කරනවා නම්, මුලින්ම Mortgage Broker කෙනෙක් හම්බවෙලා ඔයාගේ Borrowing Capacity එක ඇතුළු වැදගත් කරුණු සාකච්ඡා කරන එක තමයි වඩාත් හොඳ. ඔයාට සිංහල භාෂාවෙන්ම කතා කරලා, පැහැදිලි උපදෙස් ගන්න අවශ්‍යනම් ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලංකික Mortgage Broker කෙනෙක්වම සම්බන්ධ කරගන්න පුළුවන්. Mortgage Broker කෙනෙක් ඒ සඳහා ගාස්තුවක් අය කරන්නේ නැහැ.

Don't forget to share this post!

Recent Posts