අද දිනට යෙදී ඇති බිනර පුර පසළොස්වක පොහෝ දිනය සමස්ත බෞද්ධ ජනතාවටම අතිශය වැදගත් දිනයක්.
මහා ප්රජාපතී ගෝතමී දේවිය ප්රමුඛ පන්සියයක් කාන්තාවන්ට පැවිද්ද ලබා දෙමින් ‘භික්ෂුණී ශාසනය’ පිහිටු වීම මෙම උතුම් පොහොය දිනයේ සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා.
ඊට අමතරව තවත් වැදගත් සිදුවීම් කිහිපයක්ම බිනර පොහොය දා සිදු වෙලා තියෙනවා. තපස්සු හා භල්ලුක වෙළෙඳ සහෝදරයන් විසින් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරමින් ‘ගිරිහඬු සෑය’ ගොඩනැංවීමත්, සර්වඥ ලලාට ධාතූන් වහන්සේ නිදන් කර ඇති ‘සේරුවාවිල මහා සෑය’ ඉදිකිරීමත් සිදු කරලා තියෙනවා.
ඇසළ පෝ දින පෙර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලාට ‘පසුවස් සමාදන් වීම සඳහා නියමිත කාලය එළඹෙන්නේද බිනර පෝය දිනයෙයි.