ඕස්ට්‍රේලියාවේ ඉඳන් Student Visa එකකට (Subclass 500) එහෙමත් නැත්නම් Student Guardian Visa එකකට (Subclass 590) apply කරන්න හිතාගෙන ඉන්න අයට ගොඩක් වැදගත් වෙන අලුත් නීති වගයක් ඕස්ට්‍රේලියානු රජයෙන් හඳුන්වා දීලා තියෙනවා. ඔයාත් ළඟදී වීසා දාන්න ඉන්න කෙනෙක් නම්, මේ දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.
අපි බලමු මේ අලුත් වෙනස්කම් මොනවද කියලා බොහොම සරලව.
වෙනත් Temporary Visa එකකින් ඉන්න අයට මොකද වෙන්නේ?
ඔයා දැනටමත් ඕස්ට්‍රේලියාවේ වෙනත් temporary visa එකකින් (උදාහරණයක් විදිහට ටුවරිස්ට් වීසා වගේ) ඉන්න කෙනෙක් නම්, අලුත් නීතියට අනුව ඔයාට ඕස්ට්‍රේලියාව ඇතුළේ ඉඳන් Student visa එකකට apply කරන්න බෑ. වීසා එකට අයදුම් කරද්දී වගේම වීසා එක හම්බෙද්දීත් ඔයා අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාවෙන් පිටත ඉන්නම ඕනේ. මේ නීතියට නම් කිසිම සමාවක් (Exemption එකක්) නෑ.

දැනටමත් Student Visa එකක ඉන්න අයට අලුත් නීතිය කොහොමද බලපාන්නේ?
ඔයා දැනටමත් Student visa එකක ඉන්න කෙනෙක් වෙලා, තව අලුත් Student visa එකකට apply කරන්න හිතන් ඉන්නවා නම්, ඔයාටත් මේ නීතිය අදාළ වෙනවා. ඒ කියන්නේ විශේෂ හේතුවක් නැත්නම් ඔයාටත් වීසා එක දාන්න වෙන්නේ රටින් පිට ඉඳලා.
හැබැයි ඔයා දැනට Student visa එකක Dependant කෙනෙක් (ප්‍රධාන අයදුම්කරුගේ පවුලේ කෙනෙක්) විදිහට ඉඳලා, ඔයාගේම කියලා වෙනම ප්‍රධාන Student visa එකක් දාන්න යනවා නම්, අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාවෙන් පිටතට යන්නම වෙනවා. ඒකට කිසිම විකල්පයක් නෑ.
නමුත් බය වෙන්න එපා, මේ අලුත් නීති නිසා ඔයාගේ දැනට තියෙන වලංගු වීසා එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ!
Student Guardian (Subclass 590) වීසා ගැන මොකද කියන්නේ?
දැනට Student Guardian වීසා එකක ඉන්න අයට නම් මේකෙන් ලොකු බලපෑමක් නෑ. එයාලට තමන්ගේ ඊළඟ Guardian වීසා එක ඕස්ට්‍රේලියාවේ ඉඳන්ම දිගටම දාන්න පුළුවන්.
රට ඇතුළේ ඉඳන්ම වීසා දාන්න පුළුවන් කාටද? (Exemptions)
දැනට Student වීසා එකක ඉන්න කෙනෙක්ට මේ පහල තියෙන කාරණා වලින් එකකට අයිති නම් විතරක් ඕස්ට්‍රේලියාවේ ඉඳන්ම අලුත් වීසා එකට apply කරන්න අවස්ථාව තියෙනවා.
- ඔයාගේ Course එක ඉවර කරන්න තව මාස 12කට වඩා අඩු කාලයක් ඕනේ නම් (හැබැයි ඔයා කලින් ඉගෙනගත්ත ආයතනයේම, ඒ Course එකම කරන්න ඕනේ. Course කිහිපයක් එකට කරනවා නම්, මේක ඔයාගේ ප්‍රධාන Course එක වෙන්න ඕනේ).
- ඔයාව DFAT හෝ Defence එකෙන් Sponsor කරනවා නම්
- ඔයා PhD එකක් කරන්න apply කරනවා නම්
- Primary/Secondary school apply කරනවා නම්
- දැනට කරන ප්‍රධාන Course එක ඉවර කරලා, ඊට වඩා ඉහළ AQF level එකක කෝස් එකකට යනවා නම්. (හැබැයි උපාධියක් කළා නම් ඊළඟට යන්න ඕනෙත් Higher education ආයතනයකින් දෙන Course එකකටමයි)
- School ගමන ඉවර කරලා AQF level එකක් නැති Course එකකට යනවා නම්
- AQF level එකක් නැති Course එකක් ඉවර කරලා AQF level එකක් තියෙන Course එකකට යනවා නම්
ඔයාගේ අධ්‍යාපන ආයතනයට (Education provider) මොකක් හරි ප්‍රශ්නයක් වෙලා Course එක කරගෙන යන්න බැරි වුණා නම්.
වීසා සම්බන්ධ නීති නිතරම වෙනස් වෙන නිසා, වීසා එකක් දාන්න කලින් මේ දේවල් ගැන හොඳට දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත්.

මේ ගැන තවත් විස්තර දැනගන්න link එකෙන් ගිහින් කියවලා බලන්න.
https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/changes-to-student-visa-application-rules-500-590/applying-in-australia
Image Credit: Sanji Caldera Associates