Student Visa Rules 3ක් අද සිට වෙනස්! Visa Rules දැඩි කරපු ඇත්තම කතාව!

ඔස්ට්‍රේලියාවේ Student Visa ක්‍රමයේ විශ්වසනීයත්වය තහවුරු කිරීමේ ප්‍රතිසංස්කරණ අද සිට ක්‍රියාත්මක වෙනවා. Student Visa rules වලට ලොකු වෙනස්කම් කිහිපයක්ම සිදු වෙලා තියෙනවා.මෙහි ප්‍රධානම අරමුණ වෙන්නේ ඔස්ට්‍රේලියාවේ International Education Sector එක protect කරන ගමන්, visa system එකේ තියෙන හිඩැස් වහලා, ඇත්තටම ඉගෙන ගන්න එන අයට (genuine students) විතරක් අවස්ථාව දෙන එකයි.

අපි බලමු මේ අලුත් rules වලින් අපිට බලපාන ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා සරලවම

1. Onshore Visa Hopping නවත්වනවා (වෙනත් වීසා වලින් Student Visa වලට මාරු වීම සීමා කිරීම)
දැන් ලේසියෙන්ම එක visa එකකින් තව visa එකකට ඔස්ට්‍රේලියාවේ ඇතුළේ ඉඳන්ම (onshore) මාරු වෙන්න බෑ.

Working Holiday Maker සහ Skills in Demand වගේ temporary visa holders ලට මින් ඉදිරියට onshore Student Visa වලට apply කරන්න බැහැ.

දැනටමත් Student Visa එකක ඉන්න කෙනෙක් අලුත් onshore Student Visa එකක් දානවා නම්, තමන්ගේ අධ්‍යාපනයේ ප්‍රගතිය (genuine course progression) අනිවාර්යයෙන්ම පෙන්නන්න ඕනේ.

හැබැයි, School සහ PhD students ලට වගේම, තමන්ගේ course එක කල් ගිය (course deferral) අයට පොඩි exemptions දීලා තියෙනවා.

2. Family Members ලව ගෙන්නන එක සීමා වෙනවා
ගොඩක් අයට මේක ටිකක් තද rule එකක් වෙයි. දැන් ගොඩක් students ලට තමන්ගේ partner ව හෝ ළමයින්ව ගේන්න තියෙන අවස්ථාව සීමා කරලා.

Exceptions: PhD students ලට, Pacific සහ ASEAN රටවල අයට, වගේම government-sponsored students ලට විතරයි මේ නීතියෙන් නිදහසක් තියෙන්නේ.

ලොකුම වෙනස තමයි කවුරු හරි පවුලේ අයව ගේනවා නම්, Primary student apply කරන වෙලාවෙම (same time) apply කරන්න ඕනේ. පස්සේ පවුලේ අයව එකතු කරන එක (subsequent entrants) සම්පූර්ණයෙන්ම අයින් කරලා.

බය වෙන්න එපා! දැනටමත් ඔස්ට්‍රේලියාවේ පවුලම එකට ඉන්නවා නම්, මේ අලුත් නීතිය නිසා එයාලව වෙන් කරන්නේ නෑ. ඒ අයට අලුත් onshore visa එකකට apply කරද්දී දැනටමත් එහේ ඉන්න පවුලේ අයව include කරන්න පුළුවන්. (මේ නීති Temporary Graduate visas වලටත් ඒ විදිහටම අදාළ වෙනවා).

3. Course/Provider Transfers වලට තද නීති (Closing transfer loopholes)
කලින් මාස 6න් වෙනස් කරන්න පුළුවන් වුණු දේවල් දැන් ගොඩක් වෙනස් වෙලා තියෙනවා.අද සිට ඔයාට වෙන provider කෙනෙක්ට මාරු වෙන්න ඕනේ නම්, ඔයාගේ principal course එකේ අවුරුද්දක් (මාස 12ක්) ඉන්නම වෙනවා (කලින් මේක මාස 6යි).

ඔයා Higher Education (Degree/Masters) වලට ඔස්ට්‍රේලියාවට ඇවිත්, එහේදී අඩු මුදලකට තියෙන VET (Vocational) courses වලට මාරු වෙන්න හිතන් හිටියා නම්, ඒකත් දැන් කරන්න බෑ!

2027 මැද ඉඳන් මේ transfers වලටම වෙනම “Student visa transfer stream” එකක් හඳුන්වා දෙන්නත් රජය තීරණය කරලා තියෙනවා.

ඇයි මේ හදිසි වෙනස්කම්?
Assistant Minister for International Education වෙන Hon. Julian Hill MP කියන විදිහට ඔස්ට්‍රේලියාවේ International education කියන්නේ ඒ රටේ තියෙන ලොකුම ජාතික සම්පතක්. සමහරු මේ Student visa එක පාවිච්චි කරලා ලාභ courses වලට මාරු වෙලා වැඩ කරන්න විතරක් focus කරන එක නවත්වන්න තමයි මේ “Firm and balanced approach” එක ගෙනාවේ.

කොහොම වුණත්, ඇත්තටම ඉගෙන ගන්න (Genuine) ඔස්ට්‍රේලියාවට එන අයට එයාලා කවදත් ආදරෙන් welcome කරනවා කියලා තමයි රජය වැඩිදුරටත් කියන්නේ.

 

Don't forget to share this post!

Recent Posts