අවුරුදු මිලියන 100ක් පරණ Victoria පොළොවේ ඇත්ත කතාව! සෙනසුරාදා පාන්දර මොකද වුණේ?

පසුගිය සෙනසුරාදා පාන්දර 2ට පමණ Victoria වල Magnitude 4.8 ක භූමිකම්පාවක් (earthquake) ඇති වුණා.ඇත්තටම මේ වගේ එකක් ඇති වුණ පලවෙනි වතාවද?

අවුරුදු මිලියන 100කටත් වඩා පරණ කතාවක්! අද අපි ඒ ගැන ටිකක් සරලව කතා කරමු.

සෙනසුරාදා පාන්දර මොකද වුණේ?
මේ ආපු earthquake එකේ epicentre (කේන්ද්‍රය) වුණේ Melbourne ඉඳන් 100km විතර ඈතින් තියෙන Arawata සහ Korumburra කියන ප්‍රදේශය. ඒ කිට්ටුව හිටපු අයට ලොකු ‘Bang’ සද්දයක් ඇහිලා තියෙනවා (භූමිකම්පාවක energy එක පොළොව මතුපිටට එද්දී එහෙම සද්දයක් එනවා). ගෙවල්වල ජනෙල් දොරවල් සෙලවිලා, ගස් පවා හෙල්ලිලා තිබුණා.

Shepparton, Ballarat, Warrnambool වගේ ඈත පැතිවලටත් මේක දැනිලා තිබ්බා. පැය කිහිපයක් ඇතුළත Geoscience Australia එකට reports 21,000 කට වඩා ලැබිලා තියෙනවා. මේකෙන් පස්සේ තව aftershocks (පසු කම්පන) තත්වයන්ද ඇති වෙලා තියෙනවා.

ඇයි Australia වලට Earthquakes එන්නේ?
සාමාන්‍යයෙන් ලෝකේ ලොකුම earthquakes එන්නේ tectonic plates (භූ තැටි) මායිම් වල ගැටීමෙන්. ඒ කියන්නේ New Zealand, Japan වගේ රටවල් වලට. Australia පිහිටලා තියෙන්නේ මේ tectonic plate එකක් මැද. ඒ කියන්නේ අපි plate edges වලින් ගොඩක් ඈතයි.

ඒත්, අපේ වටේ තියෙන plate boundaries වල (උදාහරණයක් විදිහට New Zealand, Indonesia පැත්තේ තියෙන) ඇතිවෙන අතිවිශාල stress එක අපේ tectonic plate එක හරහා travel කරනවා. මේ stress එක ඇවිත් Australia වල crust (පෘථිවි කබොල) ඇතුළේ එකතු වෙනවා.

අවුරුදු මිලියන 100ක් පරණ ඒ කතාව මොකක්ද?
වෙන පැතිවලට වඩා Gippsland ප්‍රදේශයට මේකෙන් බලපෑමක් එන්න විශේෂ හේතුවක් තියෙනවා.

අවුරුදු මිලියන 100කට කලින්, පෘථිවි කබොල ඇදිලා, ඉරිතලා ගිහින් තමයි ‘Gippsland Basin’ එක හැදුනේ. මේ නිසා පොළොවේ දුර්වල තැන්, ඒ කියන්නේ ගල් තට්ටු වල ඉරිතැලීම් (geological faults) ගොඩක් නිර්මාණය වුණා. පහුගිය අවුරුදු මිලියන 5-10 ඇතුළත මේ faults ආයෙත් active වෙලා තියෙනවා පොළොව තෙරපීමකට (compression) ලක්වීම නිසා.

අර ඈත ඉඳන් plate එක දිගේ එන stress එක මේ දුර්වල faults වලට දරාගන්න බැරි වුණාම, ඒ stress එක එකපාරටම නිදහස් වෙනවා. අන්න ඒක තමයි අපිට භූමිකම්පාවක් විදිහට දැනෙන්නේ!

Gippsland වල Shaky History එක
Gippsland වලට මේක අලුත් දෙයක් නෙවෙයි. පහුගිය අවුරුදු 100 ඇතුළත, මේ වගේ ලොකු earthquakes 10ක් විතර ඇවිත් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 10කට සැරයක් වගේ ලොකු එකක් එනවා.

1969 දී Magnitude 5.0 සහ 5.3 ක කම්පන දෙකක් ආවා Boolara හරියේ.

2012 දී Moe කිට්ටුව Magnitude 5.4 ක එකක් ආවා. (මේක 1989 දී ජීවිත 13ක් නැති කරපු Newcastle earthquake එකේ සැරටම සමානයි).

ඊට අමතරව 2009, 2011 වගේ අවුරුදු වලත් මේ වගේ කම්පන ඇවිත් තියෙනවා.

ඉස්සරහට මොනවා වෙයිද?
විද්‍යාඥයින් කියන විදිහට මේ ප්‍රදේශයේ තාමත් හරියටම අධ්‍යයනය කරපු නැති “neotectonic” (භූ විද්‍යාත්මකව තරුණ) faults ගොඩක් තියෙනවා. එක උදාහරණයක් තමයි ‘Waratah Fault’ එක. මේක දිගේ කවදාහරි දවසක Magnitude 7.0 ක විතර භූමිකම්පාවක් වුණත් එන්න පුළුවන් කියලා සාක්ෂි තියෙනවා (හැබැයි ඒ වගේ ලොකු ඒවා එන්නේ හරිම කලාතුරකින්). ගිය සතියේ ආපු earthquake එක ආවේ කොයි fault එකෙන්ද කියලා විද්‍යාඥයින් තාම හොයනවා.

Australia සාමාන්‍යයෙන් භූමිකම්පා වලින් safe රටක් වුණත්, මේ අවුරුදු මිලියන ගාණක් පරණ geological faults නිසා Victoria වල අයට නම් ඉඳලා හිටලා පොළොව හෙල්ලෙන එකට මුහුණ දෙන්න වෙනවා.

Don't forget to share this post!

Recent Posts