Workplace එකේ Domestic Violence Survivors ලට තියෙන Support එක සහ ‘Huge Gap’ එක ගැන තමයි කියන්න යන්නේ .
Domestic and Family Violence (DFV) survivors ලට තමන්ගේ workplaceඑකෙන් ලැබෙන support එක මොනවගේද?
මෑතකදී Australia වල Humans for Purpose Academy එකෙන් කරපු අලුත්ම research එකකට අනුව employers ලා සහ abuse survivors ලා අතරේ හිතාගන්න බැරි තරම් Huge gap තියෙනවා කියලා හොයාගෙන තියෙනවා.

සංඛ්‍යා ලේඛන වලින් පේන ඇත්ත තත්ත්වය
මේ report එකේ තියෙන data දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා.
DV survivors ලගෙන් 8% ක් විතරයි කියන්නේ තමන්ගේ employer මේ අමාරු කාලෙදි වැඩ කටයුතු manage කරගන්න උදව් කළා කියලා. හැබැයි employers ලගෙන් 71% ක්ම හිතාගෙන ඉන්නේ, තමන්ගේ staff එකේ කෙනෙක්ට මෙහෙම දෙයක් වුණොත් කරන්න ඕනේ මොකක්ද කියලා එයාලා හොඳටම දන්නවා කියලයි. 85% ක් employers ලා තමන්ගේ වගකීම පිළිගත්තත්, 89% ක් survivors ලා බයයි තමන්ගේ boss ට මේ තත්ත්වය ගැන කියන්න (disclose කරන්න).
How Australian People Relate to This: The 10-Day Leave & Migrant Struggles
මේ ප්රශ්නය Australian සමාජයට තදින්ම බලපාන්නේ කොහොමද?
Australia වල නීතියට අනුව employees ලට 10 days paid family and domestic violence leave එකක් ගන්න අයිතිය තියෙනවා. ඒත් මේ research එකෙන් පෙන්වනවා employers ලගෙන් 70% කට වඩා මේ ගැන දැනුවත් වුණත්, survivors ලගෙන් 34% ක් විතරයි තමන්ට මෙහෙම අයිතියක් තියෙනවා කියලා දන්නේ. ඒ කියන්නේ information flow එකේ ලොකු අවුලක් තියෙනවා.
විශේෂයෙන්ම Australia වගේ multicultural රටක minority communities සහ migrant women ලට මේක ගොඩක් තදින් බලපානවා. අලුතෙන් රටට ආපු කෙනෙක් නම්, නැත්නම් partner ගෙන් අයින් වෙද්දී visa barriers තියෙනවා නම්, මේ support එක ගන්න එක ඊටත් වඩා අමාරුයි. භාෂාවේ ප්‍රශ්න සහ නීතිය ගැන තියෙන අඩු දැනුම නිසා එයාලා තවත් අසරණ වෙනවා.
“Employment is a part of recovery”
මේ Report එක ලියපු chief executive Melanie Greblo (ඇයත් DV survivor කෙනෙක්) කියන විදිහට “Employment කියන්නේ recovery එකේ ප්‍රතිඵලයක් නෙවෙයි, ඒක recovery process එකේම අනිවාර්ය කොටසක්.” කියලයි.
බොහෝ දෙනෙක් හිතන්නේ violent relationship එකකින් අයින් වුණාම ප්‍රශ්න ඉවරයි කියලා. Safe තැනකට ආවා කියලා එකපාරටම income එක, self-confidence එක, career එක, සහ financial independence එක හැදෙන්නේ නෑ.

ඒ නිසා job එකක් කියන්නේ නිකන්ම සල්ලි හම්බකරන මාර්ගයක් නෙවෙයි. ඒකෙන් survivors ලට සමාජයත් එක්ක තියෙන සම්බන්ධතාවය (social connection) අලුත් වෙනවා වගේම නැතිවුණ ආත්ම විශ්වාසය නැවත ගොඩනගා ගන්නත් ලොකු හයියක් වෙනවා.
මේ ප්‍රශ්නෙට විසඳුම් විදිහට report එකෙන් ප්‍රධාන යෝජනා 5ක් දීලා තියෙනවා.
- කාන්තාවන්ට employment opportunities හොයලා දෙන්න වෙනම research funding වෙන් කිරීම.
- Industry leaders ලා මැදිහත් වෙලා good employer practices සමාජගත කිරීම.
- DV-safe employment වෙනුවෙන් National employer compact එකක් ඇති කිරීම.
- Small & medium businesses (SMEs) වලට DV workplace training දෙන්න incentives ලබා දීම.
- කාන්තාවන්ට safe, secure, සහ sustainable jobs හොයාගන්න උදව් වෙන “Recovery-to-employment” programs තවත් පුළුල් කිරීම.
Australia වල විතරක් නෙවෙයි, ලෝකේ කොහේ වුණත් workplaces මීට වඩා safe, understanding, සහ supportive වෙන්න ඕනේ. ගෙදරින් එළියට බැහැලා අලුත් ජීවිතයක් පටන් ගන්න හදන කෙනෙක්ට තමන්ගේ රැකියා ස්ථානය දෙවැනි ගෙදරක් වගේ රැකවරණයක් දෙනවා නම් ඒක තමයි ලොකුම ජයග්‍රහණය.