ඔස්ට්‍රේලියාවේ Jobs 325,000ක්ම හිස්! Vacancies තියෙන්නේ මොන Fieldවලද?

ඔස්ට්‍රේලියාව කියන්නේ ලොව පුරා බොහෝ දෙනෙක්ගේ රැකියා සිහින පවතින රටක්. නමුත් ඔයා දන්නවද මේ වෙද්දී ඔස්ට්‍රේලියාව ඇතුලේ 325,000කට වඩා වැඩි Job Vacancies (රැකියා පුරප්පාඩු) ප්‍රමාණයක් තියෙනවා කියලා? විශේෂයෙන්ම Construction (ඉදිකිරීම්) සහ Manufacturing (නිෂ්පාදන) වගේ අංශ වල සේවක හිඟය ඉතාමත් වැඩියි.
මෙතරම් රැකියා පුරප්පාඩු තිබුණත් බොහෝ වශයෙන් සංක්‍රමණිකයින් (migrants) රටට ආවත් තවමත් මේ ප්‍රශ්නයට විසදුමක් ලැබිලා නැ. මේ ගැන Institute of Public Affairs (IPA) හි පර්යේෂකයෙකු වන Saxon Davidson පසුගියදා ‘Ausbiz’ නාලිකාවට එක්වෙමින් අපූරු පැහැදිලි කිරීමක් සිදු කරනවා.මේ ලිපිය එම සංවාදය ඇසුරෙන් සකස් කරන ලදී.
ඔහු පවසන්නේ වසර 5ක් පුරා රට තුල සේවක අර්බුදයක් පවතින බවටය.මෙම සේවක හිඟය ආරම්භ වෙන්නේ Covid-19 වසංගතයත් එක්කයි. ලෝකය පුරා සිදුවුණු ආර්ථික කඩාවැටීම් සහ නිදහසේ ගමන් බිමන් යාමට තිබුණු බාධා නිසා ඔස්ට්‍රේලියාවටත් මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි පුදුමයට කරුණ නම් වසංගතය අවසන් වෙලා වසර ගණනාවක් ගත වුණත් පසුගිය වසර 5කට වැඩි කාලය පුරාවටම මේ Job Vacancies ප්‍රමාණය 325,000 සීමාවේ හෝ ඊට ඉහළින් පැවතීමයි. (Covid වලට කලින් මේ අගය සාමාන්‍යයෙන් 180,000 – 190,000 අතර තමයි තිබුණේ). වර්තමාන රජයටත් මේ සඳහා නිසි විසඳුමක් නැති වීම නිසා සමස්ත ආර්ථිකයටම මෙයින් ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙනවා.
ඊළගට එන ගැටලුව තමයි ලක්ෂ ගණන් Migrants ලා ආවත් ප්‍රශ්නය විසඳිලා නැත්තේ ඇයි කියන එක ?
ඔස්ට්‍රේලියාවට ඓතිහාසික වශයෙන් වැඩිම පිරිසක් සංක්‍රමණය වුණු කාලයක් තමයි මේ ගෙවීගෙන යන්නේ. එහෙනම් ඒ එන අය මේ රැකියා වලට යන්නේ නැද්ද?
Davidson පෙන්වා දෙන විදිහට මේකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා.
Skilled Visa (පුහුණු ශ්‍රමික වීසා) හරහා එන අයගෙන් 50%කට වඩා වැඩි පිරිසක් ඇත්තටම “skilled” නැහැ. අනිත් කාරණය තමයි ඇත්තටම කුසලතා තියෙන අය පවා රටට මේ මොහොතේ අත්‍යවශ්‍යම කරන ක්ෂේත්‍ර වල (උදාහරණයක් විදිහට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ) අය නෙවෙයි.
රටට එන බොහෝ International Students ලාත් ඔවුන් බොහෝවිට යොමු වෙන්නේ Low-skilled jobs (අඩු කුසලතා අවශ්‍ය රැකියා) වලටයි.
මේ නිසා සංඛ්‍යා ලේඛන වලට අනුව වර්තමාන රජය යටතේ ඔස්ට්‍රේලියාවට එන සෑම නව සංක්‍රමණිකයින් 10 දෙනෙකුගෙන්ම සම්පූර්ණ වෙන්නේ එක රැකියා පුරප්පාඩුවක් (1 job vacancy) විතරයි.
Construction Sector එකට වැදුණු තදබල පහර
ඔස්ට්‍රේලියානු රජයේ ඉලක්කයක් තියෙනවා මේ දශකය අවසන් වෙද්දී නිවාස මිලියන 1.2ක් අලුතින් ඉදිකරන්න. හැබැයි සේවක හිඟය නිසා මේ ඉලක්ක වලට යන්න බැරි වෙලා තියෙනවා. 2020 පෙබරවාරි මාසයට වඩා මේ වෙද්දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවක හිඟය 20%කින් පමණ ඉහළ ගිහින්. නිවාස සැදීමේ සැලැස්ම සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම Construction සහ Manufacturing කියන අංශ වලට සේවකයින් අවශ්‍ය වුවත් Skilled migrants ලාගෙන් බහුතරයකට ඒ සම්බන්ධ හැකියාවන් නැහැ.
සේවකයින් වැඩ කිරීම අධෛර්යමත් කරන Tax System එක
සේවක හිඟය විසඳගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි දැනට රටේ ඉන්න හැබැයි රැකියා නොකරන පිරිස (විශේෂයෙන්ම Pensioners ලා සහ Students ලා) රැකියා සඳහා යොමු කරගැනීම. නමුත් ඔස්ට්‍රේලියාවේ තියෙන Tax (බදු) ක්‍රමය මේකට ලොකු බාධාවක්.
Pensioners ලාට අවම වැටුප (Minimum wage) යටතේ දවස් එකහමාරක් පමණ වැඩ කළාට පස්සේ, ඉන් එහාට උපයන සෑම ඩොලරයකින්ම ශත 50ක් ඔවුන්ගේ benefits වලින් කපා ගන්නවා. තවද ඒකට Tax එකත් add වුණාම, ඔවුන්ට 65% ක පමණ අසාධාරණ බද්දක් ගෙවන්න වෙනවා. මේ නිසා ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයින්ගෙන් රැකියා කරන්නේ 3%ක් වගේ ඉතා කුඩා පිරිසක් විතරයි.
Youth allowance ගන්න සිසුන්ට මීටත් වඩා අසාධාරණයි. ඔවුන් දවස් දෙකකට වඩා වැඩ කළොත් ඉන්පසු හොයන සෑම ඩොලරයකටම 76% ක පමණ tax/clawback එකක් එකතුවෙනවා. මේ නිසා ආර්ථික අපහසුතා තියෙන සිසුන්ට පවා තමන්ගේ අත්දැකීම් සහ ආදායම වැඩි කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා.
මේකට තියෙන විසඳුම මොකක්ද?
Saxon Davidson සහ IPA ආයතනය යෝජනා කරන්නේ ඔස්ට්‍රේලියාව “New Zealand Model” එක (නවසීලන්ත ක්‍රමය) අනුගමනය කළ යුතු බවයි. නවසීලන්තයේ විශ්‍රාමිකයින්ට මේ වගේ අසාධාරණ “clawbacks” (කපාගැනීම්) නැහැ. ඔවුන් සාමාන්‍ය බදු ප්‍රතිශතයන් යටතේ පමණයි බදු ගෙවන්නේ. ඒ නිසා නවසීලන්තයේ විශ්‍රාමිකයින්ගෙන් 25%ක් (හතරෙන් එකක්) රැකියාවල නිරත වෙනවා. ඔස්ට්‍රේලියාවත් මේ බදු ක්‍රමය Pensioners, Students සහ Veterans ලා වෙනුවෙන් හඳුන්වා දෙනවා නම් රටේ තියෙන මේ දැවැන්ත සේවක අර්බුදයට ලොකු විසඳුමක් හොයාගන්න පුළුවන් වන බවට ඔවුන්ගේ මතයයි.
Source: Institute of Public Affairs

Don't forget to share this post!

Recent Posts