Christmas Gifts යවන්න ලෑස්ති ද? Australia Post 2026 Deadlines මෙන්න

2026 අවුරුද්දේ Christmas එකට ඔයාගේ යාලුවන්ට සහ පවුලේ අයට gifts යවන්න planning ද? Australia Post එකෙන් මේ අවුරුද්දේ busy ම කාලයට අදාල cut-off dates දැන් announce කරලා තියෙනවා. Stress එකක් නැතුව වෙලාවටම ඔයාගේ parcels යවන්න නම් මේ අත්‍යවශ්‍ය කරුණු ගැන දැනුවත් වෙන්න.
ඔස්ට්‍රේලියාව ඇතුලත (Domestic) යවනවා නම්:
තමන්ගේ State එක ඇතුලත (Within state/territory): Parcel Post හරහා යවනවා නම්, December 22 වෙනකම් කාලය තියෙනවා.
වෙනත් States වලට (Interstate): ගොඩක් states වලට යවන්න ඕනේ December 21 වෙද්දීයි. (නමුත් Western Australia, Tasmania, Northern Territory සහ remote areas වලට යවන්න මීට වඩා දවස් කිහිපයක් වැඩිපුර ගත වෙන්න පුළුවන්).
Express Post: සාමාන්‍ය post වලට වඩා Express Post වලට තව පොඩි කාලයක් ලැබෙනවා.
Letters සහ Cards: වෙනත් state එකකට නම් December 18 වෙද්දීත්, තමන්ගේම state එක ඇතුලත නම් December 21 වෙද්දීත් යැවිය යුතුයි.
වැදගත්: Post office එකෙන් (Over-the-counter) යවන items, දවල් 2.30 pm වෙන්න කලින් භාර දෙන්න ඕනේ.
International සහ වෙනත් දූපත් වලට යවනවා නම්,
Christmas Island & Cocos Islands: October අග (end of October) වෙද්දී යවන්න.
Norfolk Island: November මැද (mid-November) වෙද්දී යවන්න.
Lord Howe Island: December මුල (start of December) වෙද්දී යවන්න.
ඔයා parcels යවන්නේ South Australia, Tasmania, හෝ Northern Territory වලින් නම්, ඒවා රටින් පිටවෙන්න කලින් වෙනත් state එකකට යන්න ඕනේ. ඒ නිසා Express items වලට තව business days 2කුත්, Standard සහ Economy items වලට තව business days 5කුත් extra add කරගන්න අමතක කරන්න එපා.
Customs delays සහ වෙනත් අපහසුතා නිසා international deliveries පරක්කු වෙන්න පුළුවන්. ඒ නිසා Australia Post එකේ සරලම පණිවිඩය තමයි “Check the dates, shop early, send early!” පුළුවන් තරම් ඉක්මනින් ඔයාගේ Christmas වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න.

Don't forget to share this post!

Recent Posts