ඔස්ට්‍රේලියාවේ වයස්ගත ජනගහනය වැඩි වීම (Aging population) එක අතකින් “modern-day success story” එකක් විදිහට හැඳින්වුවත් මේ තත්ත්වය නිසා රටේ Healthcare system එක අර්බුදයකට මුහුණ දීලා තියෙනවා කියලා අලුත්ම වාර්තාවකින් හෙළි වෙලා තියෙනවා.
ඔස්ට්‍රේලියානුවන් දැන් වැඩි කාලයක් ජීවත් වෙනවා නමුත් ඔවුන්ව බලාගන්න තරම් රටේ සෞඛ්‍ය පද්ධතිය ප්‍රමාණවත් විදිහට සූදානම් වෙලා නැහැ.

Emergency Departments (ED) වල තත්ත්වය
Australasian College of Emergency Medicine (ACEM) විසින් නිකුත් කරපු තුන්වන වාර්ෂික report එකට අනුව 2019 ඉඳන් 2024 වෙනකම් ED වලට එන වයස්ගත රෝගීන්ගේ ප්‍රමාණය 16% කින් වැඩි වෙලා තියෙනවා. (තරුණ අයගේ මේ වැඩිවීම 4% ක් පමණයි). ඒ වගේම ED එකට එන වයස්ගත රෝගීන්ගෙන් හරි අඩක්ම hospital admit කරන්න සිද්ධ වෙලා තියෙනවා.
ACEM president Dr. Peter Allely පෙන්වා දෙන පරිදි Emergency departments කියන්නේ වයස්ගත අයට ප්‍රතිකාර කරන්න ගැලපෙනම තැනක් නෙවෙයි. එතන තියෙන “harsh lighting, loud noises සහ constant interruptions” නිසා මේ වයස්ගත අය ගොඩක් confuse වෙනවා වගේම බියට පත් වෙනවා. ජනගහන වෙනස්වීම් ගැන කලින්ම අනුමාන කරන්න පුළුවන්කම තිබිලත්, රජය මේ වෙනුවෙන් නිසි සූදානමක් අරගෙන නැහැ කියලයි ඔහු චෝදනා කරන්නේ.
Aged Care Crisis සහ Waiting Lists
University of New South Wales හි Professor Lee-Fay Low පවසන්නේත් මේ lack of preparedness එක hospital වලට විතරක් නෙවෙයි, primary care clinics, aged care facilities සහ පවුල් ඇතුළේ පවා දකින්න තියෙනවා කියලයි.
Aged care reforms ගෙනාවත්, දැනට home care packages ලබාගන්න තියෙන waitlist එක අවුරුද්දක් තරම් දිගයි.සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව පහුගිය අවුරුද්දේ දවසකට වයස්ගත ඔස්ට්‍රේලියානුවන් 17 දෙනෙක් විතර මිය ගිහින් තියෙනවා මේ home care support එක ලැබෙනකම් බලන් ඉඳලා. දැනටමත් 106,000 කට වඩා පිරිසක් (සමහර වාර්තා වලට අනුව 154,000 ක්) මේ waiting list එකේ ඉන්නවා.
කාලයට අනුව නිසි care එකක් ගෙදරදී නොලැබෙන නිසා තමයි මේ වයස්ගත රෝගීන්ට අවසානයේදී Emergency wards වලට එන්න සිද්ධ වෙලා තියෙන්නේ.
අනාගතයේදී මොකද වෙන්නේ? (Future Projections)
2024 දී වයස්ගත ජනගහනය මුළු ජනගහනයෙන් 17% ක් වුණත්, ED presentations වලින් 25% ක්ම (quarter) වෙන් වෙන්නේ ඔවුන්ටයි. මේ ගැන “urgent action” එකක් ගත්තේ නැත්නම් 2010 ඉඳන් 2050 වෙනකොට මුළු ED presentations 177% කින් වැඩි වෙන්න පුළුවන් කියලා අනුමාන කරනවා. ඒ වගේම වයස 85 ට වැඩි අයගේ පැමිණීම 411% කින් වගේ දැවැන්ත ප්‍රතිශතයකින් වැඩි වෙයි කියලත් කියවෙනවා.

මේකට තියෙන විසඳුම් මොනවාද?
More funding is not the only remedy: සල්ලි (funding) වැඩි කරන එකම විතරක් මේකට විසඳුම වෙන්නේ නැහැ.
“අපි ජීවිත කාලෙම Tax ගෙව්වා, ඒ නිසා වයසට ගියාම රජය අපිව බලාගනීවි” කියන expectation එක මිනිස්සු වෙනස් කරගන්න ඕනේ. Retirement එක වෙනුවෙන් සල්ලි ඉතුරු කරනවා වගේම, care එකක් ඕනෙ වුණොත් ඒකටත් co-contribution එකක් දෙන්න මිනිස්සු සූදානම් වෙන්න ඕනේ.
Family Support: තමන්ගේ දෙමව්පියන් වයසට යනකොට ඔවුන්ට උදව් කරන්න, සමහරවිට තමන්ගේ වැඩ කරන කාලය අඩු කරලා හරි ඒ වෙනුවෙන් කැපවෙන්න පවුලේ අයටත් සිද්ධ වෙනවා.
Aged care sector එකේ වැඩ කරන අයගෙන් 1/3 ක්ම migrants ලා (සංක්‍රමණිකයින්). ඒ නිසා migration කපන decisions ගැන ඔස්ට්‍රේලියාව ආයෙමත් හිතලා බලන්න වෙනවා.
මේක රජයට විතරක් තනියම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි, මුළු රටක් විදිහටම එකතු වෙලා “national conversation” එකක් ගොඩනගන්න ඕන කාලය දැන් ඇවිල්ලා තියෙනවා.