ඔයා හිතන විදිහට ‘Skill’ එකක් කියන්නේ මොකක්ද? Jobs and Skills Australia (JSA) කියන විදිහට ඒක නිකම්ම වැඩක් කරන්න පුළුවන් කම නෙවෙයි. ඒක “පුද්ගලයෙකුගේ Knowledge, experience සහ පෞද්ගලික ලක්ෂණ (personal characteristics) මත ගොඩනැඟුණු, ඉගෙනීමෙන් හා පුහුණුවෙන් වර්ධනය වෙන දෙයක්.” ඒ වගේම අපි ඒක පාවිච්චි කරන අවස්ථාව (context) අනුව ඒක වෙනස් වෙනවා.
මීළඟට එන ප්රායෝගික ගැටලුව තමයි අධ්යාපනය, පුහුණුව සහ රැකියා ක්ෂේත්ර හරහා පුද්ගලයින්ට සහ ඩිජිටල් පද්ධතිවලට නිපුණතා සොයා ගැනීමට, සැසඳීමට සහ එකිනෙක සම්බන්ධ කිරීමට හැකි වන පරිදි ඕස්ට්රේලියාවට skills දහස් ගණනක් organise කළ හැක්කේ කෙසේද යන්නයි?

Skills Taxonomy එකක් කියන්නේ මොකක්ද?
සරලවම කිව්වොත් Taxonomy එකක් කියන්නේ තොරතුරු පිළිවෙලකට එකතු කරන ක්රමයක්. National Skills Taxonomy එකෙන් කරන්නේ ඔස්ට්රේලියාවේ තියෙන ඔක්කොම skills, පොදු භාෂාවකින්, පැහැදිලි hierarchy එකකට ගේන එක. මේකෙදි broad groups ඉඳන් specific groups දක්වා skills බෙදා වෙන් කරනවා. ඒ වගේම හැම skill එකකටම හරියටම නමක්, විස්තරයක් සහ identifier එකක් ලැබෙනවා.
නමුත් මේ hierarchy එකෙන් විතරක් skill එකක් පාවිච්චි වෙන්නේ කොතැනද කියන එක සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න අමාරුයි. උදාහරණයක් විදිහට ‘problem-solving’ කියන skill එක ගොඩක් jobs වලට ඕන වෙනවා. ඒත් සමහර විශේෂිත technical skills පාවිච්චි වෙන්නේ ඒ අදාළ රස්සාවේදී විතරයි.
එකම Skill එකක් පාරවල් කිහිපයකින් හොයාගන්න ක්රමයක්: Polyhierarchy
Library එකක තියෙන පොතක් ගැන හිතන්න. ඒ පොත technology, education සහ public policy කියන subjects තුන යටතේම හොයාගන්න පුළුවන්. පොත් තුනක් නැහැ, එකම පොත තැන් තුනකින් හොයාගන්න පුළුවන්.මේකට කියන්නේ Polyhierarchy කියලා. National Skills Taxonomy එකෙත් මේ concept එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ එක skill එකකට තියෙන්නේ එක record එකක් වුණාට ඒක industry, occupation, capability වගේ විවිධ groupings හරහා හොයාගන්න පුළුවන්.
උදාහරණයක් විදිහට, ‘Risk assessment’ කියන skill එක cyber security වලටත්, workplace safety වලටත්, project management වලටත් අදාළ වෙන්න පුළුවන්. හැබැයි මේකෙදි skill එක duplicate වෙන්නේ නෑ. එකම නම, විස්තරය තියෙන්නේ.
Context එක ගොඩක් වැදගත්!
Skill එකක් තැන් කිහිපයකට අදාළ වුණාට, හැම තැනදීම ඒක පාවිච්චි වෙන්නේ එකම විදිහට නෙවෙයි. Cyber security වලදී risk assessment කරන විදිහයි, clinical practice එකකදී ඒක කරන විදිහයි සම්පූර්ණයෙන්ම වෙනස්. මූලික පදනම එක වුණාට, context එක අනුව ඒක වෙනස් වෙනවා.
මේකෙන් කාටද වාසි?
තමන්ට තියෙන skills මොන වගේ jobs වලටද පාවිච්චි කරන්න පුළුවන් කියලා හොයාගන්න ලේසියි. ඒ වගේම අලුත් දේවල් ඉගෙනගන්න ඕන කොතනින්ද කියලත් තේරුම් ගන්න පුළුවන්.
Employers ලාට සහ Workforce Planners ලාට Job titles වලින් එහාට ගිහින්, තමන්ට ඇත්තටම ඕන කරන skills මොනවාද කියලා පැහැදිලිව අඳුරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට AI පාවිච්චි කරන team එකකට technical අයට අමතරව information evaluate කරන්න පුළුවන්, risk manage කරන්න පුළුවන් අයත් ඕන වෙනවා.
Education & Training Providers ලාට Students ලට දැනට තියෙන skills මොනවාද, තව develop වෙන්න ඕන skills මොනවාද කියලා පැහැදිලිව අඳුරගෙන, ඒකට ගැලපෙන විදිහට learning pathways හදන්න මේකෙන් ලොකු support එකක් ලැබෙනවා.
Taxonomy එක කියන්නේ පටන්ගැන්මක් විතරයි!
මේ National Skills Taxonomy එකෙන් ඔක්කොම ප්රශ්න විසඳෙන්නේ නැහැ. Qualifications, assessments එහෙම නැති වෙන්නේ නෑ. මේකෙන් කරන්නේ හැමෝටම තේරෙන පොදු භාෂාවක් (common language) එකක් හදන එක.ඔයාට මේ ගැන තවත් දැනගන්න අවශ්ය නම් 2026 ඔක්තෝබර් 22 වෙනිදා තියෙන ‘More than one way to find a skill’ කියන webinar එකට join වෙන්න පුළුවන්!
එකට register වෙන්න