2025-26 මුදල් වර්ෂය සඳහා තවමත් ඔයාගේ income tax returns කළේ නැද්ද? එසේනම් මේ Australian Taxation Office (ATO) එකෙන් ඔබට කරන විශේෂ මතක් කිරීමක්! තවමත් tax return එක lodge නොකළ self-preparers ලාට දැන් ඒ සඳහා කාලය පැමිණ ඇත.
අවසන් දිනය කවදාද?
සාමාන්යයෙන් October 31 deadline එක වුණත්, මේ වසරේ එම දිනය සති අන්තයකට (weekend) යෙදී ඇති බැවින්, තනිවම බදු ගොනු කරන අයට (self-preparers) November 2 Monday රාත්රී 11:59 දක්වා කල් ලබා දී තිබෙනවා.
නමුත්, “අන්තිම මොහොත වෙනකම් ඉන්න එපා” කියලා ATO Assistant Commissioner Anita Challen පවසනවා.

ඇයි ඉක්මනින් Lodge කරන්න ඕනේ?
අන්තිම මොහොතේ කලබලයෙන් lodge කරන්න ගියාම වැරදි වෙන්න සහ වැදගත් තොරතුරු මඟ හැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ගොඩක් information ATO එකෙන්ම දැනටමත් pre-fill කරලා තියෙනවා. ඒ නිසා straightforward tax affairs තියෙන කෙනෙකුට myTax හරහා return එකක් lodge කරන්න සාමාන්යයෙන් යන්නේ විනාඩි 8ක් වගේ සුළු කාලයක්.
මිනිස්සු Tax Lodge කරන්න පරක්කු වෙන්න ප්රධාන හේතු
තමන් lodge කළ යුතුයි කියා නොදැනීම. සමහර retirees ලාට සහ අඩු ආදායම් ලබන (lower-income earners) අයට tax return එකක් lodge කරන්න අවශ්යයි කියලා ඔවුන් දන්නේ නැහැ.
Tax Bill එකක් එයි කියන බය. Tax bill එකක් ගෙවන්න වෙයි කියලා හිතලා lodge කිරීම පරක්කු කළත්, එයින් බිල ගෙවන්න තියෙන දිනය (සාමාන්යයෙන් November 21) වෙනස් වෙන්නේ නැහැ. වෙලාවට lodge කිරීම මගින් අනවශ්ය දඩ මුදල් (penalties) වලින් බේරෙන්න පුළුවන්.
තව ද තොරතුරු එකතු කරන්න සහ සංවිධානය කරන්න යන කාලය ගැන හරියටම තක්සේරු නොකිරීමත් තවත් හේතුවක්.

Registered Tax Professional කෙනෙක් හරහා කරනවා නම්…
ඔබ tax agent කෙනෙක්ගේ සේවය ලබාගන්නවා නම්, October 31 වෙද්දි ඔබ ඔවුන්ගේ client list එකට ඇතුළත් වෙලා ඉන්නම ඕනේ.
ඒ වගේම බොරු පොරොන්දු දෙන සහ refund එකක් අනිවාර්යයෙන් ලබා දෙනවා යැයි පවසන unregistered preparers ලාගෙන් ප්රවේශම් වෙන්න කියලත් ATO එක අනතුරු අඟවනවා. අනිවාර්යයෙන්ම Tax Practitioners Board (TPB) හි ලියාපදිංචි (registered) වූ නියෝජිතයෙකු පමණක් තෝරාගන්න. දී ඇති උපදෙස් පිළිපදිමින් ඔබේ tax return එක lodge කරන්න!
වැඩි විස්තර – https://www.ato.gov.au/media- centre/the-final-countdown- ato-reminds-taxpayers-to- lodge-now
© Australian Taxation Office for the Commonwealth of Australia