Melbourne වල නිවාස කුලිය (rent) වාර්තාගත ලෙස සතියකට ඩොලර් 600 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව මෙය 5.3% ක (වසරකට ඩොලර් 1560 ක) වැඩිවීමක්. මේ නිසා ගොඩක් tenants ලා තමන්ගේ අත්යවශ්ය වියදම් අඩු කරගන්න තත්වයකට පත්වෙලා.Everybody’s Home පර්යේෂණ වලට අනුව තවත් $20 කින් rent එක වැඩි වුණොත් 43% කට තමන්ගේ essential වියදම් කප්පාදු කරන්න වෙනවා. දැනටමත් කුලී නිවැසියන්ගෙන් 25% ක් කෑම වේල් මගහරිනවා (skip meals), 18% ක් බෙහෙත් ගැනීම නතර කරලා. ඒ වගේම ගොඩක් අය heating සහ cooling පවා පාවිච්චි කරන්නේ අඩුවෙන්. Disability support ලබන කාන්තාවගේ ආදායමෙන් 75% ක්ම rent එක ගෙවනවා.

මෙම ප්රශ්නයට විසඳුමක් ලෙස rent increases වලට limit එකක් (rent caps) ගේන්න කියලා සමාජ ක්රියාකාරීන් රජයෙන් ඉල්ලනවා. නමුත් Real estate experts ලා අනතුරු අඟවන්නේ එහෙම නීති ගෙනාවොත් landlords ලා තමන්ගේ නිවාස විකුණලා දාන්න පෙළඹෙන්න පුළුවන් බවයි. දැනටමත් property market එකේ investors ලා නිවාස මිලදී ගන්නවාට වඩා විකුණන ප්රතිශතය වැඩි වෙලා තියෙනවා. (27.5% sellers vs 17.5% buyers). Melbourne වල rental crisis එක නිසා සාමාන්ය ජනතාවගේ ජීවන තත්ත්වය (cost of living) ඉතාමත් දරුණු ලෙස කඩා වැටී ඇති බව මේ වාර්තාවෙන් පැහැදිලි වෙනවා.