ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ බැංකුවක් වන National Australia Bank (NAB) විසින් ඔවුන්ගේ සේවකයින් 2,500කට පමණ රැකියා අහිමි කරන දැවැන්ත restructure එකක් ගැන නිවේදනය කර තිබෙනවා. 2027 මැද භාගය වන විට බැංකුවේ මුළු workforce එකෙන් 6%ක්, ඒ කියන්නේ roles 2,500ක් පමණ කප්පාදු කිරීමට සැලසුම් කරලා තියෙනවා. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් roles 1,500ක් cut කරනවා. මේ දැවැන්ත restructuring process එක වෙනුවෙන් බැංකුව $300 million ක පිරිවැයක් දරන්න සූදානම්.

ඇයි මේ හදිසි කප්පාදුව?
NAB chief executive Andrew Irvine පවසන ආකාරයට, මේක කරන්නේ බැංකුවේ operating model එක තවත් සරල කරලා (simplify), අලුත් technology initiatives වලට මුල් තැන දෙන්නයි. කෙලින්ම Artificial Intelligence (AI) ගැන සඳහන් කරලා නැති වුණත්, “rapid technological change” කියන වචන හරහා ඉඟි කරන්නේ AI තාක්ෂණයේ බලපෑම වෙන්න පුළුවන් කියලා experts ලා සැක කරනවා.
නමුත් customers ලත් එක්ක directly deal කරන (customer-facing) roles වලට මේකෙන් ලොකු බලපෑමක් නොවන බවටද සදහන් කරනවා. ගොඩක්ම cut කරන්නේ corporate functions සහ senior management positions. මේකෙන් consultants ලා සහ external contractors ලා භාවිතා කරන එකත් ගොඩක් දුරට අඩු කරන්නයි බැංකුවේ plan එක.
මේ තීරණයට Finance Sector Union (FSU) එකෙන් නම් එල්ල වෙන්නේ දැඩි විරෝධයක්. FSU national assistant secretary Nicole McPherson කියන්නේ “Christmas එකට මෙච්චර ළඟ තියෙද්දී workforce එකෙන් 6%ක් අයින් කරන එක අතිශය කණගාටුදායක (disgraceful) වැඩක්” කියලයි. ඇය වැඩිදුරටත් කියන්නේ බැංකුවෙන් දෙන හේතු “corporate spin” (මහජනයා රැවටීමේ PR ට්‍රික්) එකක් විතරයි කියලයි.

Swinburne University හි governance expert කෙනෙක් වන Helen Bird පවසන්නෙත්, NAB බැංකුව මේ job cuts වලට AI තාක්ෂණය කොච්චර දුරට බලපෑවාද කියන එක ගැන ඇත්ත හෙළි කළ යුතු බවයි. මෙය සම්පූර්ණයෙන්ම cost එක අඩු කරලා profit එක වැඩි කරගැනීමේ මූල්‍යමය අරමුණකින් කරන දෙයක් බවයි ඇයගේ අදහස.
අනාගතය කොහොම වෙයිද?
මෑත කාලයේදී ANZ සහ Bendigo වැනි අනෙකුත් Australian banks වලත් මේ වගේම job cuts දකින්න ලැබුණා. ආර්ථික අර්බුද (economic conditions) සහ AI වැනි තාක්ෂණික දියුණුවත් එක්ක ඉදිරියටත් corporate ක්ෂේත්රයේ මේවගේ දේවල් වාර්තා විය හැකිය.