Stargazers ලට අනිත් යටත් මේ සතියේ අහසේ ලස්සනම සිදුවීමක් බලාගන්න පුළුවන්. ඒ තමයි Orionid meteor shower එකේ peak එක (උපරිම අවස්ථාව) බ්රහස්පතින්දා පාන්දර සිදුවීම.මොකක්ද මේ Orionids කියන්නේ?
මේවා Halley’s Comet (හැලීගේ ධූමකේතුව) එකෙන් ඉතිරි වුණු දූවිලි සහ සුන්බුන්. හැම අවුරුද්දෙම October මාසයේදී Earth එක මේ සුන්බුන් වළාකුළු හරහා යද්දී ඒවා අපේ upper atmosphere එකේ ගැටිලා පිච්චෙනවා. මේක තමයි අපි “shooting stars” එහෙමත් නැත්නම් උල්කාපාත කඩාවැටෙනවා කියලා දකින්නේ. මේවා තත්පරයට 66km වගේ හරිම වේගයකින් (extremely fast) තමයි ගමන් කරන්නේ!

බලන්න හොඳම වෙලාව සහ තියෙන බාධාව
Swinburne University එකේ Astronomer Sara Webb පවසන පරිදි මේ meteors බලන්න හොඳම වෙලාව වෙන්නේ බ්රහස්පතින්දා පාන්දර 3am ඉඳන් 5am වෙනකන්.මේ පාර තියෙන එකම downside එක තමයි nearly full Moon එකක් (පූර්ණ චන්ද්රයෙක්) තියෙන එක. ඒ දීප්තිමත් ආලෝකය නිසා මුල් කාලයේදී meteors ටිකක් washed out වෙලා (පැහැදිලිව පේන්නේ නැතිව) යන්න පුළුවන්. ඒත් උපරිම අවස්ථාවේදී පැයකට meteors 20ක් විතර බලාගන්න chance එකක් තියෙනවා.
පැහැදිලිව බලාගන්න Tips
ස්ථානය (Location): Australia වේ මුළු අහස පුරාම මේක visible වුණත්, up north (උතුරු දෙසට) වෙන්න තවත් හොඳට බලාගන්න පුළුවන්. City lights වලින් ඈත් වුණු (light pollution අඩු) කළුවර තැනක් තෝරාගන්න.
දිශාව (Direction): Night sky app එකක් පාවිච්චි කරලා Orion constellation එක තියෙන දිශාව (radiant එක) හොයාගන්න.
කාලගුණය (Weather): පැහැදිලි අහසක් (clear sky) තියෙනවද කියලා weather forecast එක අනිවාර්යයෙන්ම check කරන්න.
එකපාරටම meteors ගොඩක් පේන්නේ නැති වෙන්න පුළුවන්. ටිකක් වෙලා බලන් ඉද්දි එක දිගට කීපයක්ම බලාගන්න පුළුවන් වෙයි. ඇස් කළුවරට හුරුවෙන්න කාලය දෙන්න.
මේක Miss වුණොත්?
November ඉඳන් December මැද වෙනකන් ඊළඟ සුපිරිම meteor shower එක වෙන Geminid meteor shower එක බලාගන්න පුළුවන්. ඒකෙන් පැයකට meteors 150ක් විතර බලාගන්න පුළුවන් වෙනවා.