Australia වල දැන් ගොඩක් තරුණ අය (Young Australians) ළමයි හදන එක කල් දාලා තියෙනවා. එහෙමත් නැත්තම් ළමයි හදන්නෙ නෑ කියන තීරණය අරන් තියෙනවා. 2024 වෙද්දී Australia වල fertility rate (උපත් අනුපාතය) එක කාන්තාවකට ළමයි 1.5 ක් දක්වා අඩුවෙලා (low of 1.5 babies per woman) තියෙනවා. මේකට ප්රධානම හේතුව විදිහට ඔවුන් දක්වන්නේ Cost-of-living එක එහෙමත් නැත්තම් ජීවන වියදම සීඝ්රයෙන් ඉහළ යාමයි.
මෑතකදී කරපු AMP survey එකකට අනුව මේ තත්වයට බලපාන ප්රධාන කාරණා කිහිපයක් තියෙනවා.
1. Housing Crisis එක සහ Stability එක (නිවාස ගැටලුව)
වයස අවුරුදු 20 ගණන් වල ඉන්න තරුණ අයගෙන් 2/3 ක්ම හිතන්නේ ළමයි හදන්න කලින් තමන්ටම කියලා ගෙයක් (own a home) තියෙන්න ඕනේ කියලයි. ඒත් අද තියෙන තත්වයත් එක්ක ඒක ලේසි නෑ.1984 දී ගෙයක් ගන්න 20% deposit එකක් ඉතුරු කරන්න ගියේ අවුරුදු 4යි.

හැබැයි අද වෙද්දී ඒකට අවුරුදු 11ක් යනවා!
සමහර තරුණ Couples වලට තමන්ගේ මාසික ආදායමෙන් 60%-70% ක්ම Mortgage එක (ණය වාරිකය) ගෙවන්න යනවා. ඒවත් එක්ක ළමයෙක්ගේ වියදම් දැම්මොත් හැම මාසෙම ණය වෙන්න වෙනවා කියලා ඔවුන් බය වෙනවා. ඒ වගේම පොඩි Apartments වල ළමයි හදන එකේ තියෙන ඉඩකඩ සහ ආරක්ෂාව (safety) ගැන ගැටලුත් ඔවුන්ට තියෙනවා.
2. Childcare Costs සහ Career වලට වෙන බලපෑම
දැන් කාලේ පවුලක් නඩත්තු කරන්න ගොඩක් වෙලාවට දෙන්නම (double incomes) වැඩ කරන්න ඕනේ. ඒ නිසා ළමයි බලාගන්න Daycare වලට ලොකු ගාණක් ගෙවන්න සිද්ධ වෙනවා. දත්ත වලට අනුව ළමයෙක් ලැබිලා මුල් අවුරුදු 5 ඇතුළත මවගේ ආදායම (earnings) 55% කින් විතර අඩු වෙනවා. විචාරකයෝ කියන්නේ මේක මිනිස්සුන්ගේ personal අවුලක් නෙවෙයි මේක policy failure එකක් කියලයි.
3. Retirement (විශ්රාම යාම) ගැන බය
ළමයි හැදුවොත් අනාගතයේදී සුවපහසු විදිහට retire වෙන්න (retire comfortably) අමාරු වෙයි කියලා 57% ක් විතර දෙනා හිතනවා. ඒ වගේම 71% ක් දෙනා අනාගතයේදී තමන්ගේ ළමයින්ට කොහොම financial security එකක් දෙන්නද කියලා කනස්සල්ලෙන් ඉන්නේ.
Economist Professor Gigi Foster කියන විදිහට මේ විදිහට birth rate එක අඩු වෙන එක රටේ අනාගතයට ලොකු තර්ජනයක්. ඇය කියන්නේ ළමයි පොඩි කාලේ (babies) ලොකු වියදමක් යන්නේ නැති නිසා, retirement එක ගැන හිතලා ළමයි හදන එක කල් දාන එක බොරු බයක් (false dichotomy) කියලයි.

ලෝකෙටම තියෙන ප්රශ්නයක්
මේක Australia වලට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. දියුණු රටවල් ගොඩකට මේ ප්රශ්නය තියෙනවා. උදාහරණයක් විදිහට France වල රජය මෑතකදී අවුරුදු 29 වෙන කාන්තාවන්ට ලියුම් යවලා තියෙනවා ඉක්මනින් ළමයි හදන්න, නැත්තම් eggs freeze කරලා තියාගන්න කියලා.
දරුවෙකු සදා ගැනීම අද වන විට මුදල් සහ ආර්ථික ස්ථාවරත්වය (financial stability) එක්ක තදින්ම බැඳුණු ලොකු තීරණයක් බවට පත්වෙලා.
-SBS News-