ඕස්ට්රේලියාවේ සංචාරය කරන්න හිතනකොට ගොඩක් අයගේ පළමු තේරීම වෙන්නේ Sydney වුණත් දැන් ඒ තැන Melbourne වලට හිමිවෙමින් පවතින බව පෙනෙනවා. National Geographic සඟරාව විසින් නම් කරපු 2027 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත (Best places in the world to travel in 2027) 25 අතරට Melbourne නගරය තේරී පත්වෙලා තියෙනවා.
ලොව පුරා ඉන්න travel experts, writers, සහ explorers ලාගේ අදහස් එකතු කරලා හදපු මේ ලැයිස්තුවෙන් කියවෙන්නේ Melbourne කියන්නේ “great global city” එකකට තියෙන්න ඕනේ හැම දෙයක්ම සම්පූර්ණ කරන නගරයක් කියලයි. විශේෂයෙන්ම එහේ තියෙන arts and sports scenes, vibrant neighbourhoods සහ විවිධත්වයෙන් යුත් කෑම බීම (diverse culinary scene) මේ සඳහා ප්රධාන හේතු වෙලා තියෙනවා. “Sydney වලට ගොඩක් visitors ලා ආවත්, දැන් spotlight එකට එන්නේ Melbourne” කියලා තමයි experts ලා පෙන්වා දෙනවා.

Melbourne වලට මෑතකදී ලැබුණු තවත් Awards
මේක Melbourne වලට ලැබුණු එකම recognition එක නෙවෙයි. මෑතකදී ඔවුන්ට තවත් සුපිරි titles කිහිපයක්ම ලැබුණා.
Condé Nast Traveller’s 2026 සම්මාන උළෙලේදී ලෝකයේ මිත්රශීලීම නගරය (world’s friendliest city) ලෙස නම් වීම.
EIU Global Liveability Index එකට අනුව ලෝකයේ ජීවත් වෙන්න සුදුසුම නගර අතර තුන්වැනි තැනටත්, ඕස්ට්රේලියාවේ පළමු තැනටත් පත්වීම.
Time Out සඟරාව මගින් 2026 ලෝකයේ coolest neighbourhoods 40 අතරට South Melbourne නම් කිරීම (විශේෂයෙන්ම එහේ තියෙන gastronomic delight එක සහ සුපිරි cafés/restaurants නිසයි).

ලැයිස්තුවේ තියෙන අනෙකුත් සුවිශේෂී ගමනාන්ත
Melbourne වලට අමතරව, ජපානයේ හිම පිරුණු Niigata පළාත, අලුත්ම national park එකක් විවෘත වෙන චිලී රටේ Cape Froward, ස්කොට්ලන්තයේ Dumfries and Galloway සහ කැලිෆෝනියාවේ Pacific Coast Highway වගේ තැන් ගණනාවක් මේ ලැයිස්තුවට ඇතුළත්. මේ තියෙන්නේ ඒ අතුරින් ප්රධාන ගමනාන්ත කිහිපයක්,
- Vestland, Norway
- Niigata, Japan
- Cape Froward, Chile
- Jaipur, India
- Penang, Malaysia
- Luxor, Egypt