මොකක්ද මේ Circadian Depression කියන්නේ?
ඕස්ට්රේලියානු researchers ලා අලුත් depression subtype එකක් හොයාගෙන තියෙනවා. මේකට කියන්නේ “Circadian Depression” කියලා. මේක අපේ ඇඟේ තියෙන body clock එක (internal clock) වෙනස් වීම් එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා. අලුත්ම study එකෙන් පෙන්වා දෙන්නේ ,මේකට සහභාගී වුණු depression තියෙන අයගෙන් 23% කටම මේ තත්ත්වය බලපාලා තියෙන බවය.
රෝග ලක්ෂණ මොනවාද?
සාමාන්ය depression වලට වඩා මේක වෙනස්. ප්රධාන researcher කෙනෙක් වන Dr. Emiliana Tonini පෙන්වා දෙන පරිදි , පහත ලක්ෂණ 6න් 3ක් වත් තියෙනවා නම් ඒ circadian depression වෙන්න පුළුවන්,
Seasonal pattern of illness (කාලගුණය/කාලය අනුව වෙනස් වීම).
Delayed sleep timing (රෑට නිදාගන්න ගොඩක් පරක්කු වීම).
Depression තත්ත්වය තියෙන කාලෙට සාමාන්ය ප්රමාණයට වඩා ගොඩක් වෙලා නිදාගැනීම.
Night owl කෙනෙක් වීම (රෑට වැඩියෙන් ඇහැරගෙන ඉන්න පුරුදු වීම).
උදේට ඇහැරෙද්දී ගොඩක් මහන්සි (tired) ගතියක් දැනීම.
Social jetlag (සතියේ වැඩ කරන දවස් වල තියෙන sleep pattern එකයි, weekend එකේ pattern එකයි අතර ලොකු වෙනසක් තිබීම).

මේ තත්ත්වය විශේෂ වෙන්නේ ඇයි?
මේ අයට සාමාන්යයෙන් දෙන SSRIs සහ SNRIs වගේ traditional antidepressants හරියට වැඩ කරන්නේ නෑ වගේම side effects වැඩියි. මේක නිකම්ම “නින්ද නොයන ප්රශ්නයක්” නෙමෙයි. මේ අයට ADHD සහ mood disorders වලට තියෙන genetic risk එක වගේම metabolic සහ inflammatory markers වලත් වෙනස්කම් තියෙනවා. ඒ වගේම මේ අයගේ symptoms ගොඩක් severe වෙන්න පුළුවන්.
සාර්ථක Treatments මොනවාද?
මේ අයට ගොඩක්ම match වෙන්නේ chronobiological treatments. ඒ කියන්නේ body එකේ circadian rhythms වලට target කරන දේවල්,
Melatonin සහ Light therapy.
උදේ කාලයේ daylight එකට හොඳින් නිරාවරණය වීම.
නිදාගන්න සහ කෑම කන වෙලාවල් (sleep-wake cycles & food schedules) හරියට regularity එකක් ඇතුව හැමදාම එකම විදිහට maintain කිරීම.
තාමත් තවදුරටත් අධ්යයනය කරන්න ඕන area එකක් වුණත්, විශේෂයෙන්ම තරුණ අයට වඩාත් නිවැරදි treatment එකක් ලබාදෙන්න මේ අලුත් discovery එක ලොකු උදව්වක් වෙනවා.
(Sources-The Guardian)