දම් පාටින් හැඩවුණු Sydney! නිදහසේ Jacaranda මල් බලන්න යන්න අපූරු තැන් 6ක්

Spring එකත් එක්කම Sydney වල Jacaranda season එක පටන් අරන් තියෙනවා. හැමෝම යන Kirribilli tunnels වල ගොඩක් කට්ටිය ඉන්න තැනක නැතුව  නිදහසේ මේ ලස්සන purple blooms බලන්න  පුළුවන් under-the-radar neighbourhoods 6ක් ගැනයි මේ කියන්න යන්නේ. Blooms සාමාන්‍යයෙන් ඔක්තෝබර් මැද ඉඳන් නොවැම්බර් අග වෙනකන් තියෙනවා. නොවැම්බර් මුල් සතියේදී මල්වල පාට වඩාත් වැඩි වෙනවා.

නිදහසේ Jacarandas බලන්න ආසද? එහෙනම් මේ තැන් 6 Try කරලා බලන්න.

  1. Murray Rose Pool, Double Bay

Double Bay වල තියෙන Murray Rose Pool එක වටේටම purple blooms පිරිලා තියෙද්දී ඒක මාරම ලස්සනයි. Woollahra Council එක පවා මේක top local spots අතරට දාලා තියෙනවා.

Getting there- Double Bay වලට ferry එකක හරි bus එකක හරි යන්න පුළුවන්. ඊට පස්සේ පොඩි දුරයි තියෙන්නේ Street parking ගොඩක් අඩු නිසා public transport පාවිච්චි කරන එක තමයි වඩා හොඳ

  1. Victoria Barracks, Woollahra

Victoria Barracks වල උතුරු පැත්තේ මායිම දිගේ තියෙන මේ පරණ ගස් පේළිය මාරම ලස්සන Jacaranda show එකක් දෙනවා. මේක හරියට purple පාට දිග corridor එකක් වගේ. මේක තියෙන්නේ Oxford Street එකට විනාඩි කිහිපයක දුරින්.

Getting there – Edgecliff Station එකේ ඉඳන් short walk එකකින් හරි Oxford Street එකේ යන bus එකකින් හරි යන්න පුළුවන්. ළඟ පාත parking නම් ගොඩක් අඩුයි.

  1. Five Ways, Paddington’s Quiet Side

Paddington වලට හැමෝම ගියත් Five Ways අවට තියෙන නිස්කලංක පාරවල් වල ඇවිදින ගමන් මේ ලස්සනම display එක බලන්න පුළුවන්. Coffee එකක් අරන්, terrace roofs සහ sandstone walls උඩින් වැටිලා තියෙන jacarandas බලන්න මේක නියම spot එකක්.

Getting there- Oxford Street එකේ bus එකක හරි, Edgecliff Station එකේ ඉඳන් 15-minute walk එකකින් හරි යන්න පුළුවන්. Weekends වල street parking හොයාගන්න අමාරුයි.

  1. Gladesville and the Ryde River Walk

Gladesville කියන්නේ Sydney වල තියෙන most underrated jacaranda suburb එකක් කිව්වොත් හරි. Ryde River Walk එක Parramatta River එක දිගේ Gladesville Bridge ඉඳන් Ryde Bridge වෙනකන් තියෙනවා. Parks, bushland සහ waterfront reserves එක්ක වතුරට ලස්සනට purple blooms pop-out වෙලා පේනවා.

Getting there: Gladesville වලට bus එකක ඇවිත් bridge එක ළඟින් walk එක පටන් ගන්න. පාරේ තැන් කිහිපයකම parking available.

  1. Lower North Shore: Greenwich, Waverton and Wollstonecraft

Lower North Shore එකේ Greenwich, Waverton සහ Wollstonecraft කියන්නේ McDougall Street එකේ සෙනග නැතුව නිදහසේ blooms බලන්න පුළුවන් best-kept pockets කිහිපයක්. මේ පැත්තේ තියෙන leafy streets සහ harbour-side lanes වල පිරෙන්න මල් හැදිලා තියෙනවා.

Getting there: Waverton හරි Wollstonecraft වලට train එකේ ඇවිත් පයින් යන්න පුළුවන්. ළඟ පාත wharves වලට ferries එනවා.

  1. Mosman

Mosman කියන්නේ harbour views, heritage homes එක්කම jacaranda season එක ලස්සනටම බලන්න පුළුවන් තැනක්. ගොඩක්ම මේකේ තියෙන නිස්කලංක residential roads වල ඇවිදින ගමන් මේ ලස්සන විඳින්න පුළුවන්.

Getting there- City එකෙන් bus එකක හරි Mosman Wharf එකට ferry එකක හරි එන්න පුළුවන්. Foreshore එක කිට්ටුව parking ඉක්මනට පිරෙනවා.

When to go see the jacarandas? (යන්න හොඳම වෙලාව මොකක්ද?)

Sydney වල jacaranda season එක සාමාන්‍යයෙන් peak වෙන්නේ November මුල් සතියේ වුනත්, weather එකත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන්. Clear morning එකක ගියාම හොඳ light එකක් වගේම සෙනග අඩුවෙන් මේ ලස්සන බලන්න පුළුවන්. ඒ වගේම උඩ වගේම බිමත් බලන්න බිම වැටිලා තියෙන petals වලත් තියෙන්නේ වෙනම ම ලස්සනක්.

Source-  https://secretsydney.com/jacaranda-spots-in-sydney/

credits-Sydney.com

 

Don't forget to share this post!

Recent Posts