මෑතකදී මැඩ්රිඩ් නුවර පැවති 2026 ESMO (European Society for Medical Oncology) Congress හිදී Sydney පර්යේෂකයන් විසින් පිළිකා ප්රතිකාර සම්බන්ධයෙන් සාර්ථක clinical trial ප්රතිඵල කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. එමගින් ප්රධාන පිළිකා වර්ග 4ක් සඳහා ප්රතිකාර සදහා නව බලාපොරොත්තු ඇති කර තිබෙනවා.
Melanoma (සමෙහි පිළිකා)- රෝගියාගේම tumor එකෙන් නිපදවන ලෝකයේ ප්රථම Personalized therapeutic cancer vaccine එක සහ immunotherapy එකට ලබාදීම මගින් Melanoma රෝගය නැවත ඇතිවීමේ හෝ මරණයට පත්වීමේ අවදානම (risk of recurrence) 42% කින් අඩු කරන බව සොයාගෙන ඇත.

Prostate Cancer (පුරස්ථි ග්රන්ථි පිළිකා)- High-risk රෝගීන්ගේ සම්මත ප්රතිකාර වලට ‘darolutamide’ නැමති ඖෂධය එකතු කිරීමෙන්, වසර 4ක් ඇතුළත පිළිකාව ශරීරයේ පැතිරීමේ අවදානම 11% සිට 5% දක්වා අඩුවන බව පර්යේෂකයන් පෙන්වා දෙයි.
Pancreatic Cancer (අග්න්යාශ පිළිකා)- Chemotherapy සමග targeted radiation (stereotactic body radiotherapy) ලබා දීම මගින් අග්න්යාශ පිළිකා සාර්ථකව පාලනය කළ හැකි බව MASTERPLAN trial එකෙන් තහවුරු වී තිබේ. මෙහිදී රෝගීන්ගේ ජීව කාලය (median overall survival) මාස 14 සිට 22 දක්වා වැඩි වී ඇත.
Biliary Tract Cancer (පිත්තාශයේ පිළිකා)- ACTICCA-1 trial එක මගින් පෙන්වා දෙන්නේ, CisGem (gemcitabine and cisplatin) chemotherapy සංකලනය මගින් රෝගය නැවත ඇතිවීම මාස 2.6 කින් ප්රමාද කරන බවයි. එහෙත් මෙහිදී toxicity (අතුරු ආබාධ) මට්ටම වැඩි බැවින්, ප්රතිකාරයේ වාසි සහ අවාසි සමතුලිත කිරීම වැදගත් වේ.
මෙම නව සොයාගැනීම් අනාගත පිළිකා ප්රතිකාර (cancer treatments) ක්රමවේදයන් හි විශාල පෙරළියක් ඇති කරනු ඇතැයි වෛද්යවරුන් විශ්වාස කරයි.

Source :The University of Sydney researchers at the forefront of new wave of cancer trials