ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අංශ වෙත $98.1 Million අරමුදලක්! මෙයින් වාසි ලැබෙන්නේ කාටද?

Medical Research Future Fund (MRFF) මඟින් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්වය වර්ධනයට (health outcomes for people with disability) සහ සෞඛ්‍ය පර්යේෂණ කඩිනමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම (rapidly translate research into practice) සඳහා ඩොලර් මිලියන 98.1 ක අරමුදලක් වෙන් කර තිබෙනවා. මේ යටතේ ප්‍රධාන grant opportunities 3ක් හඳුන්වා දී ඇත.

1. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සෞඛ්‍ය සේවා දියුණු කිරීම (Improving the Health of People with Disability) – $30 Million
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ඇති බාධා ඉවත් කිරීම සඳහා ඩොලර් මිලියන 30ක් දක්වා මේ යටතේ ලබා දෙනවා.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ජීවිත කාලය පුරාවටම inclusive and effective සෞඛ්‍ය සේවාවක් ලබා දීම.
රෝග නිවාරණ සෞඛ්‍ය සේවා (preventive health care) දියුණු කිරීම.
තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සහ සහය (information and support) ලබා දීම.
මෙම ප්‍රතිපාදන ලබා දෙන්නේ MRFF හි Emerging Priorities and Consumer-Driven Research initiative එක හරහායි.

2. පර්යේෂණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම (Improving Health Interventions and Services) – $20 Million
සෞඛ්‍ය අංශයේ නවෝත්පාදන සහ පර්යේෂණ ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 20ක් වෙන් කර තිබෙනවා.
සෞඛ්‍ය මැදිහත්වීම් (intervention strategies) ප්‍රායෝගිකද, සාධාරණද සහ ඵලදායීද යන්න පරීක්ෂා කරන proof of concept හෝ pilot studies සඳහා අරමුදල් සැපයීම. සාක්ෂි මත පදනම් වූ (evidence-based) සෞඛ්‍ය සේවා සාර්ථකව පවත්වාගෙන යාම සහ ව්‍යාප්ත කිරීම (scaling) අරමුණු කරගත් multidisciplinary implementation research සඳහා මෙය යොදා ගැනේ.

3. සෞඛ්‍ය සේවා සඳහා පර්යේෂණ යොදාගැනීම (Rapid Applied Research Translation) – $48.1 Million
Clinical care සහ සෞඛ්‍ය සේවා පද්ධතියේ ඵලදායීතාවය වැඩිදියුණු කරන විශාල පරිමාණයේ පර්යේෂණ වැඩසටහන් (large-scale research programs) සඳහා ඩොලර් මිලියන 48.1ක් ලබා දෙනවා. පර්යේෂණ ප්‍රතිඵල කඩිනමින් දැනට පවතින සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රමවේද (policies and practices) බවට පත් කිරීම (late-stage research). සෞඛ්‍ය සේවාවේ පවතින අඩුපාඩු (gaps in best practice) හඳුනාගෙන, collaborative සෞඛ්‍ය සේවා හරහා ඒවාට විසඳුම් සෙවීම. පර්යේෂණ සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී health care consumers, providers සහ අනෙකුත් පාර්ශවකරුවන් ඍජුවම සම්බන්ධ කර ගැනීම.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අනෙකුත් MRFF grant opportunities ගැන දැනගැනීමට GrantConnect සහ MRFF calendar එක භාවිතා කළ හැක.

Source: https://www.health.gov.au/news/98-1-million-for-research-to-improve-health-outcomes-for-people-with-disability-health-interventions-and-to-rapidly-translate-research-into-practice-mrff?language=en

Don't forget to share this post!

Recent Posts